Impartial news reporting for a stronger democratic society
 අමෙරිකාවේ ආර්ථික සම්බාධකවලට සහය දෙන ඕනෑම රටකට පහර දෙනවා — ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහ්සේන් රිසායි

ඉරානයට එරෙහිව සිදු කරන  අමෙරිකානු ආර්ථික සම්බාධකවලට එක්වන ඕනෑම රටක් සතුරු රාජ්‍යයක් ලෙස සලකන බවත්, ඊට ප්‍රතිචාර ලෙස එම රටවල යටිතල පහසුකම්වලට පහර දෙන බවත් ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහ්සේන් රිසායි ප්‍රකාශ කැර  ඇතැයි Cyber World Press  සඳහාන් කරයි.

ඉරානයට දැඩි ආර්ථික සම්බාධක පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ නිකුත් කළ නිවේදනයෙන් පසු ඉරාන ආරක්ෂක ප්‍රධානියා මේ ප්‍රකාශය සිදු කළ බව  මෙහෙරාන් නුවර සිටින Cyber World Press  නියෝජිත සඳහාන් කරයි.

අමෙරිකාවේ උත්සාහයට එක් නොවන ලෙස ඉරාන ආරක්ෂක ප්‍රධානියා සිය අසල්වාසී රටවලට දැනුම් දී ඇති අතර, මේ පියවර මඟින් ගල්ෆ් කලාපයේ අමෙරිකාව සම්බන්ධ සියලු ස්ථානවලට පහර එල්ල කරන බවට ද ඔහු අනතුරු අඟවා තිබේ. එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ සිදු කැර ඇති එම ප්‍රකාශයට මෙතෙක් කිසිදු ගල්ෆ් රාජ්‍යයක් ප්‍රතිචාර දක්වා නැති බව ද වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ අමෙරිකාවට අයත් තෙල් සහ වෙළෙඳ සමාගම් රැසක් ඇති බවත්, එම සියලුම ස්ථාන ඉලක්ක කැර ගන්නා බව ඔහු සඳහන් කැර ඇති බව Cyber World Press  නියෝජිත සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp