
අමෙරිකාව ඉරානයට එරෙහිව සිදු කරන යුද්ධය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නම් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පමණක් නොව පර්සියානු ගල්ෆ් කලාපයේ වෙනත් කිසිදු රටකින් තෙල් බිඳක් හෝ අපනයනය කිරිමට ඉඩ නොතබන බව ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහොසේන් රිසායි අනතුරු අඟවා තිබේ.
ඉරානයට එරෙහි අමෙරිකා ආර්ථික සම්බාධකවලට එක්වන ඕනෑම රටක් සතුරු රාජ්‍යයක් ලෙස සලකා ඊට ප්‍රතිචාර ලෙස එම රටවල යටිතල පහසුකම්වලට පහර දෙන බවට පසුගිය දා අනතුරු ඇඟවූ ඉරාන ආරක්ෂක ප්‍රධානියා ප්‍රකාශ කැර ඇත්තේ, ඉරාන සම්බාධක අත්හිටුවීමට අමෙරිකාව පියවර නොගන්නේ නම් ගල්ෆ් කලාපයෙන් තෙල් බිඳක්වත් හෝ අපනයනය කිරීමට ඉඩ නොතබා වසා දමන බවයි.
එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඉරාන ආරක්ෂක ප්‍රධානි මොහොසේන් රිසායි මේ අනතුරු ඇඟවීම නිකුත් කැර ඇති බව Cyber World Press සඳහාන් කරයි.
අමෙරිකාවේ ආර්ථික යුද්ධයට සහාය දක්වන ඕනෑම රටක් සතුරු රාජ්‍යයක් ලෙස සලකන බව ද යළි අවධාරණය කර තිබේ. කලාපීය ආරක්ෂාව සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ කළමනාකරණය ඒ අවට රටවල පාලනය යටතේ පැවතිය යුතු බවත්, අමෙරිකානු හමුදා කඳවුරුවලට ඉඩ පහසුකම් සපයන හෝ අමෙරිකානු යුද මෙහෙයුම් සඳහා සහාය දක්වන රටවල් ඊට වගකිව යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කැර තිබේ.
