Impartial news reporting for a stronger democratic society
තේ වගාව මහා අර්බුදයක: නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමෙන් තේ වගාකරුවන් තේ වගාවෙන් ඉවත් වෙති

 ඉහළ යන  නිෂ්පාදන පිරිවැය සහ ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අඩු ප්‍රතිලාභ ලැබීම හේතුවෙන් තේ වගාවෙන් ඉන්  ඉවත් වී කුරුඳු වගාවන්  වෙත යොමු වෙමින් සිටිති.

වසර ගණනාවක සිට තේ මිල ගණන් අඩු මට්ටමක පවතින අතර අයහපත් කාලගුණ මේ  තත්ත්වය තවත් නරක අතට  පත් වීමට හේතු වී තිබේ.

සාපේක්ෂව, කුරුඳු නිෂ්පාදන පිරිවැය අඩු වන අතර ඉහළ ලාභයක් ලැබීමට  හැකියාව තිබේ.

අමු තේ දළු කිලෝවකට රු. 220 ත් 260 ත් අතර වන අතර කුරුඳු සඳහා රු. 5,500 ත් 6,500 ත් අතර මිලකට අලෙවි කෙරේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික අමාත්‍යාංශය පවසන්නේ රටේ තේ වගාවන් හෙක්ටයාර 31,000 ක් පමණ විහිදෙන බවයි.

පවතින අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අරුණ ද සිල්වා රජයෙන් ඉල්ලා සිටියේ කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා වහාම මැදිහත් වන ලෙසයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp