Impartial news reporting for a stronger democratic society
ප්‍රදේශ රැසකට ගංවතුර අවදානමක්

ගිං සහ නිල්වලා ගංඟා ද්‍රෝණිවල ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පිළිබඳව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඉදිරි පැය 24 තුළ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය – දිවිතුර, ඇල්පිටිය සහ අක්මීමන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ජල මට්ටම හේතුවෙන් ඉදිරි පැය 24 තුළ පස්ගොඩ, කොටපොල, පිටබැද්දර, අකුරුස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය සහ තිහගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට අනතුරු අඟවා ඇත.

මේ අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු 04 ක් සහ අංගමුව ජලාශයේ වාන් දොරටු 02ක් විවෘත කිරීමටද පියවර ගෙන තිබුණි.

මේ අතර දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොන්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp