Impartial news reporting for a stronger democratic society
ඩිජි­ටල් මුදල් හුව­මා­රු­ව ගැන බ්‍රික්ස් රට­වල අවධානය

බ්‍රික්ස් සංවි­ධා­නයේ සාමා­ජික රට­වල ජාතික ක්ෂණික ගෙවීම් පද්ධති සහ මහ බැංකු ඩිජි­ටල් මුදල් එකි­නෙක සම්බන්ධ කිරීමේ හැකි­යාව පිළි­බඳ මේ වන විට අව­ධා­නය යොමු වී ඇති බව අනාවරණය වෙයි.

මෙම­ඟින් දේශ­සීමා හරහා සිදු­වන ගනු­දෙනු සඳහා පිරි­වැය අවම කැර ­ගැ­නී­මට සහ දේශ­සීමා හරහා සිදු­වන ගෙවීම් ඉහළ නැංවී­මට ඇති හැකි­යාව සම්බ­න්ධව සාකච්ඡා පැවැ­ත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වසරේ සිට බ්‍රික්ස් සංවි­ධා­නයේ සාමා­ජි­ක­ත්වය ලැබී­මට නිය­මිත ඉරා­නය ද ඒ සඳහා පූර්ණ සහ­යෝ­ගය පළ කැර ඇති අතර, බ්‍රික්ස් රට­වල් සමඟ වෙළෙ­ඳාම පුළුල් කැර ­ගැ­නී­මට පම­ණක් නොව , මූල්‍ය සම්බා­ධ­ක­ව­ලින් එල්ල වන බල­පෑම් අවම කැර­ ගැ­නීමේ යාන්ත්‍ර­ණ­යක් නිර්මා­ණය කිරි­මට එමඟින් හැකි­වනු ඇතැයි ඉරාන මහ බැංකුවේ අධි­පති අබ්දොල් නසාර් විශ්වා­සය පළ කැර තිබේ. කෙසේ වෙතත් මේ යෝජනා තව­මත් සාකච්ඡා මට්ටමේ පව­තින බව ඉන්දීය මහ බැංකුවේ අධි­පති සංජේ මල්හෝත්‍රා ප්‍රකාශ කැර තිබේ.

අමෙ­රි­කාව ඇතුළු ලොව බල­වත්ම රට­වල් ඇතු­ළත් ජි-7 සංවි­ධා­න­යට වික­ල්ප­යක් ලෙස 2009 වස­රේදී ආරම්භ කළ බ්‍රික්ස් සංවි­ධා­නය යුරෝ­ප­යට සහ අමෙ­රි­කා­වට එරෙ­හිව ගොඩ නැඟුණු ප්‍රබල බල­වේ­ග­යක් ලෙස විචා­ර­ක­යන් හඳු­න්වන අතර, බ්‍රික්ස් සංවි­ධා­නයේ සාමා­ජික රට­වල් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි විවේ­ච­න­යට ලක්වී ඇතැයි ද වාර්තා වේ. බ්‍රසී­ලය, රුසි­යාව, ඉන්දි­යාව, චීනය, දකුණු අප්‍රි­කාව, ඉරා­නය, ඊජි­ප්තුව, ඉති­යෝ­පි­යාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දු­නී­සි­යාව බ්‍රික්ස් සංවි­ධා­න­යට ඇතු­ළත් වෙයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp