Impartial news reporting for a stronger democratic society
ජලයෙන් යටවූ ප්‍රදේශවල උසස් පෙළ සිසුහු හමුදා සහයෙන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යති

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් මාර්ග යටවීමත් සමග අපහසුතාවට පත් උසස් පෙළ සිසුන් විභාග මධ්‍යථානවලට ගෙන යෑමට පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසයි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමන අපහසුතාවට පත්ව ඇති උසස් පෙළ දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබුණි.

බෝට්ටු කිහිපයක් යොදවමින් එම සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට පියවර ගැනුණේ.

කිසිදු ගැටලුවකින් තොරව සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීම මේ වන විට සිදු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය දැනුම් දෙයි.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp