Impartial news reporting for a stronger democratic society
ඉරානයෙන් අමෙරිකාවට රතු එළියක්: අන්තර්කාලීන අවබෝධතා ගිවිසුමේ කොන්දේසි   ක්‍රියාත්මක කරන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන්නේ නැහැ – ඉරාන පාර්ලිමේන්තු කථානායක

අමෙරිකාව සම්පූර්ණයෙන් අන්තර්කාලීන අවබෝධතා ගිවිසුමේ කොන්දේසි  ක්‍රියාත්මක කරන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බාගර් ගලීබාෆ් සඳහන් කරයි.

ඉරාන පාර්ලිමේන්තු කථානායකවරයා විවෘත පාර්ලිමේන්තු සැසියක් අතරතුර මේ බව සඳහන් කළ බව WANA ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තාවක් උපුටා දක්වමින්  Cyber World Press සඳහාන් කරයි.

නාවික අවහිරතා සහ සම්බාධක ඉවත් කිරීම, ඉරානයේ ශීත කළ වත්කම් නිදහස් කිරීම, තෙල් සම්බාධක ඉවත් කිරීම මෙන්ම සියලු පෙරමුණුවල තර්ජන සහ හමුදා මෙහෙයුම් අවසන් කිරීම ඇතුළු කොන්දේසි ඉටු කළ යුතු බවද ඉරාන කථානායකවරයා සඳහන් කරයි.

ලෝකයේ වැදගත්ම තෙල් ප්‍රවාහන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධව ඉරානය මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් යුද ගැටුම් නැවත ඇතිවීමට ඉඩකඩ ඇති බව වර්තා වේ.

මෑතකදී ඇති වූ ගැටුම සිහිපත් කරමින් මොහොමඩ් බාගර් ගලීබාෆ් ප්‍රකාශ කළේ, ඉස්ලාමීය ජනරජය පෙරළා දැමීමේ අරමුණින් සිදු කළ බරපතළ වැරදි තක්සේරුවක් හේතුවෙන් අමෙරිකානු – ඊශ්‍රායල සන්ධානයේ සතුරු සහ ආක්‍රමණශීලී බලවේග ඉරානයට එරෙහිව ප්‍රහාරයක් දියත් කළ බවයි. කෙසේ වෙතත්, මෙම ආක්‍රමණයට එරෙහිව ඉරාන ජනතාව එක්සත්ව හා නිර්භීතව නැගී සිටි බවත්, උත්තරීතර නායකයාගේ මඟ පෙන්වීම යටතේ සන්නද්ධ හමුදා විසින් තීරණාත්මක ප්‍රතිචාරයක් ලබා දෙමින් ඉරානයේ ජයග්‍රහණය ලෝකයා පිළිගෙන ඇති බවත් ඔහු සඳහන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp