Impartial news reporting for a stronger democratic society
මාධ්‍ය­වේ­දි­නි­ය­කට ලිංගික අත­වර කිරීම : නඩු­වෙන් නිද­හස් කර­න්නැයි ට්‍රම්ප් ශ්‍රේෂ්ඨා­ධික­ර­ණයෙන් කළ ඉල්ලීම ඉවතට!

අමෙ­රි­කාවේ ප්‍රකට තීරු ලිපි ලේඛි­කා­වක වන ජේන් කැරොල්ට ලිංගික අත­වර කිරීම සහ අප­හාස කිරීම සම්බ­න්ධව වර­ද­කරු බවට එරට සිවිල් ජූරී සභා­වක් නිකුත් කරන තීන්දු­ව­කින් නිදොස් කොට නිද­හස් කරන ලෙස ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම අමෙ­රි­කාවේ ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් දෙවැනි වර­ටත් ප්‍රති­ක්ෂේප කැර තිබේ.

මීට අම­ත­රව කැරොල් වෙත ඩොලර් මිලි­යන 83.3ක වන්දි මුද­ලක් ගෙවන ලෙස නියම කළ අප­හාස නඩු තීන්දුව ද නිෂ්ප්‍රභා කරන ලෙස ඔහු ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.

90 දශ­කයේ මැද භාග­යේදී ඩොනල්ඩ් ට්‍රම්ප් තමාට ලිංගික අත­වර කළ බව­ටත්, පසුව සමාජ මාධ්‍ය ඔස්සේ අප­හාස කළ බව­ටත් චෝදනා කර­මින් ඩොලර් මිලි­යන 88.3ක වන්දි­යක් ඉල්ලා කැරොල් මේ සිවිල් නඩුව ගොනු කැර ඇත්තේ 2019 සහ 2022 වස­ර­ව­ල­දීය.

එම නඩුව සම­ථ­ය­කට පත් කැර­ ගැ­නීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පසු­ගිය ජූනි මාස­යේදි ඇයට ඩොලර් මිලි­යන 5.6ක මුද­ලක් ගෙවා ඇති අතර, ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව එම නඩුව තව­දු­ර­ටත් ඉදි­රි­යට රැගෙන යෑමට ඇගේ නීතිඥ කණ්ඩා­යම තීර­ණය කැර තිබූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. දැනට 82 හැවි­රිදි වියෙහි පසු­වන ජේන් කැරොල් 90 දශ­කයේ මැද භාගයේ මෑන්හට්න් නුවර සාප්පු සංකී­ර්ණ­යක ඇඳුම් මාරු කරන කුටි­යක් තුළදී ට්‍රම්ප්ගේ අත­ව­ර­යට ලක්වූ බවට ඇය පළමු නඩුව ගොනු කැර ඇති අතර, එම සිදු­වීම ප්‍රබ­න්ධ­යක් බව පව­ස­මින් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ අප­හා­ස­යක් සිදු කළ බවට දෙවැනි නඩුව ගොනු කර තිබූ බව වාර්තා වේ.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp