
නව පෞද්ගලික වාහන ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා රේගු පනවා තිබු 50% ක තාවකාලික අධිභාර බද්ද දෙසැම්බර් 31 වැනි දා දක්වා දීර්ඝ කැර ඇති බව අනාවරණය වෙයි.
විදේශ මුදල් ආරක්ෂා කැර ගැනීම සහ රුපියල ස්ථාවර කිරීම සඳහා පසුගිය මැයි 16 වැනි දා සිට මාස තුනක් කාලයක් වාහන ආනයනය කිරීම අධෛර්යමත් කිරීමට අධිභාරයක් පැන වූ බව නිලධාරීන් පවසා තිබේ.
අදාළ අධිභාරය අගෝස්තු 15 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි.
මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක නිකුත් කරන ලද නියෝගයකට අනුව අධිභාරය දීර්ඝ කරන ලදී.
මෝටර් බයිසිකල්, ත්‍රිරෝද රථ සහ වාණිජ වාහන නව අධිභාරයෙන් බැහැර කරන ලදී.
