Impartial news reporting for a stronger democratic society
 යුද්ධය වසර ගණනාවක් පැවතුනත් සතුරාට මිසයිලවලින් දිගටම ප්‍රහාර එල්ල කරන්න ඉරානයට පුළුවන් — ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානී මොහොමඩ් රේසා නක්ඩි

ඉරානය ප්‍රහාරවලට වඩා වැඩි වේගයකින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන් යාත්‍රා නිෂ්පාදනය කරන බවත්, යුද්ධය වසර ගණනාවක් පැවතුනද සතුරාට මිසයිල ප්‍රහාර දිගටම එල්ල කර ගෙන යෑමට නිෂ්පාදන ධාරිතාවක් ඇති බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානී මොහොමඩ් රේසා නක්ඩි අවධාරණය කළ බව  ඉරාන මාධ්‍යය උපුටා දක්වමින්  Cyber World Press  සඳහාන් කරයි.

 ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානී මොහොමඩ් රේසා නක්ඩි මේ බව ප්‍රකාශ කෙළේ, රටේ ආරක්ෂක කුසලතා සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමිනි.

එසේම, සතුරු භූමිය තුළ සංකීර්ණ මෙහෙයුම් දියත් කිරීම සඳහා අවශ්‍ය සූදානම සහ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට  මනා පුහුණුවක් සහ හැකියාවක්   ඇති බව තවදුරටත් සඳහන්  කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp