Impartial news reporting for a stronger democratic society
ඩෙංගු මර්දනයට රතු කුරුසය විදිබසි

ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාව ස්වෙච්ඡා සේවක සහය  ඇතිව ඩෙංගු  වසන්ගතය මර්දනය  කිරීම සඳහා  මේවන විට  වැඩසටහනක් දියත් කැර  ඇති බව ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ විධායක අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අංශයේ ඉල්ලීම පරිදි,කොළඹ මහ නගර සභාව සහ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සමඟ  එක්ව බත්තරමුල්ල,ගොතටුව, හෝමාගම,කඩුවෙල,මහරගම, පිළියන්දල,බොරැල්ල,කොළඹ උතුර සහ නාරහෙන්පිට ප්‍රදේශවල ඩෙංගු මර්දන කටයුතු මේවන විට ආරම්භ කැර තිබේ.

මෙම වැඩ සටහනට රතු කුරුස ස්වේච්ඡා සේවකයන් පහළොස් දහසකට (15000) ආසන්න සංඛ්‍යාවක් සහභාගි වන බවත්, දෛනිකව රතු කුරුස  ස්වේච්ඡා සේවකයන් පනහකට  ආසන්න සංඛ්‍යාවක් ගෙන් ගෙට  ගොස් ඩෙංගු පරික්ෂා කිරීම් සහ දැනුවත් කිරීමේ වැඩ සටහන්වලට සහභාගී වන බව කුමාරි කොතලාවල මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

Follow by Email
LinkedIn
Share
WhatsApp