
ජපානයේ දකුණු කියුෂු දූපත කේන්ද්‍ර කරමින් කුමමෝටෝ ප්‍රාන්තයට පසුගිය අඟහරුවාදා බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් මේවන විට පුද්ගලයින් 28 දෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.
කඩා වැටුණු නිවාසවල සිරවී සිටින පිරිස් සෙවීමේ මෙහෙයුම් මේ වන විට දැඩි පරිශ්‍රමයක් යටතේ ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සහන සේවා කටයුතු සඳහා 5,000කට ආසන්න පිරිසක් යොදවා ඇත.
කෙසේ වෙතත්, අද දිනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ යෑම සහ ඊයේ රාත්‍රියේ ඇති වූ තවත් ප්‍රබල පසුකම්පනය හේතුවෙන් මෙම මුදාගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇතැයි සඳහන් වේ.( දිනමිණ ඇසුරෙන්)
