
ජෝර්දානයේ පිහිටා ඇති අමෙරිකානු හමුදා කඳවුරකට ඉරාන ආරක්ෂක හමුදාවෙන් එල්ල වූ හදිසි මිසයිල ප්‍රහාරයත් සමඟ අමෙරිකාව සහ ඉරානය අතර දින 5ක තාවකාලික යුද විරාමය නිමාවට පත්වූ බව Cyber World Press වාර්තා කරයි.
එම හමුදා කඳවුර ඉලක්ක කරමින් බැලැස්ටික් මිසයිල කිහිපයක්ම එල්ල වී ඇති අතර, අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය නිවේදනය කැර ඇත්තේ බැලැස්ටික් මිසයිල 5ක් විනාශ කරමින් හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානය ගත් උත්සාහය ව්‍යර්ථ කළ බවයි.
ඉරානයට තර්ජන පවතිනතුරු අමෙරිකානු බළකා යටිතල පහසුකම්වලට එරෙහිව ප්‍රහාර අඛණ්ඩව සිදුකරන බව ඉරාන ආරක්ෂක හමුදාව නිවේදනය කැර ඇතැයි Cyber World Press සඳහාන් කරයි.
ජෝර්දානයේ අමෙරිකානු හමුදා කඳවුර ඉලක්ක කරමින් ඉරාන හමුදාවෙන් ප්‍රහාර එල්ල වී ඇත්තේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ධවල මන්දිරයේදී සාකච්ඡා පවත්වමින් සිටින අතරතුරදී බව Cyber World Press සඳහන් කරයි.
