
කැස්පියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඉරාන නෞකාවකට යුක්රේන හමුදාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි වාර්තා වේ.
ඉරානය, රුසියාව, කසකස්තාන්, අසර්බයිජාන් සහ ටර්කිමෙනිස්තානය වටකරගත් මේ අභ්‍යන්තර මුහුදේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් යුක්රේනය සඳහන් කැර ඇත්තේ, ඉරානයට හමුදා උපකරණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ රුසියානු නෞකාවක් ඉලක්ක කරගත් බවයි.
මැදපෙරදිග යුද මෙහෙයුම් සඳහා ඉරානයට රුසියාව සහය දෙන බවට ද යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි චෝදනා කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කැර තිබේ. එම ප්‍රහාරයෙන් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඉරාන රජය එරට යුක්රේන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් කැඳවා ප්‍රහාරය සම්බන්ධව කරුණු විමසා ඇතැයි ද වාර්තා වේ.
ප්‍රහාරය හෙළා දකිමින් ඉරානය ප්‍රකාශයක් ද නිකුත් කැර ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේදැයි මෙතෙක් ප්‍රකාශ කැර නැති බව වාර්තා වේ. ටෙහෙරාන් අගනුවර සිට යුක්රේනයේ කීෆ් අගනුවර දක්වා දුර ප්‍රමාණය කිලෝමීටර් 2,000කට වඩා අඩු බැවින් ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. එහෙත් හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හේතුවෙන් යුක්රේනය සමඟ යුද ගැටුමකට ඉරානය යොමු නොවනු ඇති බවත්, ගෝලීය යුද ගැටුම් ව්‍යාප්ත වීමේ අවදානමක් මේ මඟින් මතු කරන බවට වාර්තා පළ වේ.
