Impartial news reporting for a stronger democratic society
අමෙරිකානු මැතිවරණවලට චීනය මැදිහත් වූ බව කියන රහස්‍ය ලේඛන ට්‍රම්ප් ප්‍රසිද්ධිය කරයි

අමෙරිකානු මැතිවරණවලට චීනය මැදිහත් වූ බව පෙන්වන රහස්‍ය ලේඛන පෙළක් ප්‍රසිද්ධියට පත් කිරීමට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන තිබේ.

පසුගිය 2020 මැතිවරණයේදී බීජිං පාලනයෙන් බලපෑමක් සිදු නොවූ බවට එරට බුද්ධි අංශ මීට පෙර නිගමනය කැර තිබුණ ද, ජනාධිපතිවරයා මැතිවරණ ආරක්ෂාව පිළිබඳ චෝදනා යළිත් කරළියට ගෙන එමින් මෙම අනාවරණය සිදු කැර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත මධ්‍යකාලීන මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරයා මෙම විශේෂ ප්‍රකාශය සිදු කැර ඇත.

ට්‍රම්ප් පැවසුවේ මෙම රහස්‍ය ලේඛනය “අපගේ මැතිවරණ යටිතල පහසුකම්වල කම්පන සහගත දුර්වලතා” හෙළි කරන බවයි. එසේම ඔහු කියා සිටියේ චීනය නීති විරෝධී ලෙස එක්සත් ජනපද ඡන්දදායක ගොනු මිලියන 220 ක් අත්පත් කරගෙන ඇති බව පෙන්වන සංවේදී තොරතුරු වර්ගීකරණය කරන බවයි, ඒවා අතර නම්, ලිපින සහ අනෙකුත් දත්ත ඇතුළත් වේ.

මෙහිදී අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සිටින රිපබ්ලිකන් පාර්ශ්වයට බලපෑම් කරමින් ජනාධිපතිවරයා කියා සිටින්නේ, ඡන්දදායකයින් හඳුනාගැනීම සහ පුරවැසිභාවය තහවුරු කිරීම සඳහාවන නව දැඩි නීති පද්ධතියක් සම්මත කරගත යුතු බවයි. කෙසේ වෙතත්, ඩිමොක්‍රටික් පක්ෂයේ දැඩි විරෝධය හේතුවෙන් මෙම නව පනත් කෙටුම්පත සෙනෙට් මණ්ඩලය තුළ මේ වන විටත් ඇනහිට තිබේ.(දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp