

ජනාධිපති Volodymyr Zelensky යුක්රේනයේ ආරක්ෂක ඇමැති Mykhailo Fedorov වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ, යුක්රේන සිවිල් සමාජය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සහ විරෝධතාවක් හටගෙන තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා උදෑසන Kyiv අගනුවර ඇතුළු නගර කිහිපයක රැස්වූ තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක්, ‘ෆෙඩෝරොව්ට අත නොතබනු’ සහ ‘ජයග්‍රහණය පාවාදීම නවත්වනු’ යනුවෙන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව හඬ නැඟූහ.
මෙම දැඩි විරෝධතා මධ්‍යයේ, බ්‍රහස්පතින්දා සන්ධ්‍යාව වන විට යුක්රේන ආරක්ෂක අංශවල (SBU) වැඩබලන ප්‍රධානී මේජර් ජෙනරාල් Yevhenii Khmara ව නව වැඩබලන ආරක්ෂක ඇමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති සෙලෙන්ස්කි යෝජනා කැර ඇත.
ආරක්ෂක ඇමැති ෆෙඩෝරොව් සහ යුක්රේන සන්නද්ධ බලකායන්හි සේනාධිනායක Oleksandr Syrskyi අතර පැවති දැඩි මතභේදයන් මෙම ධුරය අහිමිවීමට හේතුවී ඇති බව දැන් නිල වශයෙන් තහවුරු වී තිබේ.
ධුරයෙන් ඉවත් කරන ලද 35 හැවිරිදි මයිකයිලෝ ෆෙඩෝරොව් පසුගිය ජනවාරි මාසයේදී ඇමැතිවරයා ලෙස පත්වූ අතර, කෙටි කාලයක් තුළ ආරක්ෂක අමාත්‍යාංශයේ දූෂණ මර්දනය කිරීමට සහ පෙරමුණේ සිටින සෙබළුන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට විශාල මෙහෙවරක් ඉටුකළ අයකු ලෙස ඇගයීමට ලක් විය.
