Impartial news reporting for a stronger democratic society
ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ කෘෂිකර්ම ඇමැති ඉන්දියාවේ නිල  සංචාරයක් අරඹයි

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජයේ කෘෂිකර්ම ඇමැති අතාවුල්ලා ඔමාරි ඉන්දියාවේ නිල  සංචාරයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා බරපතළ ලෙස පිරිහෙමින් පවතින කාලසීමාවක තලේබාන් රජය ඉන්දියාවේ සහය අපේක්ෂා කිරීම සැලකිය යුතු භුදේශපාලනික සිදුවීමක් බව ද විදෙස් මාධ්‍ය උපුටා දන්වමින්   Cyber World Press සඳහාන් කරයි.

 කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීම සඳහා සහයෝගය අපේක්ෂාවෙන් ඇෆ්ගනිස්තාන කෘෂිකර්ම ඇමැතිවරයා මෙම සංචාරය ආරම්භ කැර ඇත.

ඉන්දියාවේ සහ එරට ව්‍යාපාරික ප්‍රජාවේ සහයෝගය ඇෆ්ගනිස්තානයේ සංවර්ධනය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි තලේබාන් කෘෂිකර්ම ඇමැතිවරයා නවදිල්ලි නුවරදී ප්‍රකාශ කැර  ඇතැයි Cyber World Press සඳහාන් කරයි. දෙරට අතර සහයෝගීතාව වඩාත් ශක්තිමත් කිරීම සඳහා පසුගිය මාස 9ක කාලය ඇතුළත තලේබාන් රජයේ විදේශ ඇමැති අමීර් ඛාන් මුත්තාකි, සෞඛ්‍ය ඇමැති නූර් ජලීල් ඇතුළු  ඇමැතිවරු සිව්දෙනකු ඉන්දියාවේ සංචාරය කැර ඇතැයි ද වාර්තා වේ.

තලේබාන් රජයේ ඇමැතිවරු කෙටි කාලයක් ඇතුළත වරින් වර ඉන්දියාවේ සංචාරය කිරීම පාකිස්ථානයේ දැඩි අවධානයට ලක්වී ඇති බව ද Cyber World Press සඳහාන් කරයි.

පාකිස්ථානයේ හිටපු විශේෂ නියෝජිත ආසිෆ් අලි දුරානි ප්‍රකාශ කැර ඇත්තේ, ඉන්දියාව සමඟ තලේබාන් රජය සාමාන්‍ය සබඳතා ගොඩ නංවා ගැනීම සම්බන්ධව පාකිස්ථානයේ කිසිදු විරුද්ධත්වයක් නොමැති බවත්, එම සබඳතා පාකිස්තාථායේ ආරක්ෂක අවශ්‍යතාවලට හානියක් නොවන අයුරින් සිදුවිය යුතු බවත් ද ඔහු ප්‍රකාශ කැර Cyber World Press සඳහාන් කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp