
ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) සහ ඊට අනුබද්ධ කණ්ඩායමක් බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍යයේ සිටින ඉරාන තානාපතිවරයා කැඳවා සිය දැඩි විරෝධය පළ කළ බව විදෙස් වාර්තා උපුටා දක්වමින් Cyber World Press සඳහන් කරයි.
පසුගිය මාස කිහිපය තුළ යුරෝපයේ විවිධ ප්‍රදේශවල ප්‍රහාර සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ඉරානය විසින් සටන්කාමී කණ්ඩායම් යොදාගෙන ඇති බව බ්‍රිතාන්‍ය රජය කියා තිබේ.
ලන්ඩනයේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී අලි නසීම්ෆර් කැඳවා කරුණු විමසීමට ද බ්‍රිතාන්‍ය බලධාරීන් මීට පෙර පියවර ගෙන තිබුණි.ඉරානය ද බ්‍රිතාන්‍ය තානාපතිවරයා කැඳවා ඇත්තේ එම සිදුවීමෙන් දිනකට පසුව බව Cyber World Press සඳහාන් කරයි.
විදේශීය රාජ්‍යයන් විසින් ඔත්තු බැලීම, කඩාකප්පල්කාරී ක්‍රියා සහ වෙනත් ආරක්ෂාවට බලපාන මෙහෙයුම් සඳහා අනුබද්ධ කණ්ඩායම් භාවිත කිරීම වැළැක්වීමේ අරමුණින් බ්‍රිතාන්‍යය මෑතකදී නව බලතල සහිත නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී ඇත.
මෙම වර්ධනයත් සමඟ ඉරානය සහ බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් උණුසුම් තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
