
ඊශ්‍රායල හමුදාව සිදු කරන මිලිටරි ආක්‍රමණ සහ ප්‍රහාර මැඬපැවැත්වීමට ජාත්‍යන්තරය අපොහොසත් වී ඇති බව ඉරාන ජනාධිපති මසූඩ් පෙෂෙස්කියන් ප්‍රකාශ කැර තිබේ.
ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයේ පළමු දිනයේ පැවැති යාච්ඥාවලින් පසු ඔහු මේ ප්‍රකාශය සිදු කැර ඇතැයි Cyber World Press වාර්තා වේ. ඊශ්‍රායලය ප්‍රසිද්ධියේම පුද්ගල ඝාතන සහ ඉලක්කගත ප්රහාරයන් සිදු කරන බවත්, ඒ පිළිබඳ ජාත්‍යන්තරය නිහඬව සිටින බවත් ඉරාන ජනාධිපති පෙෂෙස්කියන් වැඩිදුරටත් ප්‍රකාශ කැර තිබේ.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරිම ආරම්භ වූ දිනයේ සිට ජාත්‍යන්තර සංවිධාන සහ රටවල් එම ප්‍රහාර නැවැත්වීමට මැදිහත්වනු ඇතැයි අපේක්ෂා කළද, ඒ වෙනුවට දේශපාලන වශයෙන් සහ සැපයුම් සිදු කරමින් ජාත්‍යන්තරය තවදුරටත් ඊශ්‍රායලයට සහාය පළ කර ඇතැයි මසූඩ් පෙෂෙස්කියන් සඳහන් කැර තිබේ. ඊශ්‍රායල හමුදාව මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකටම ප්‍රහාර එල්ල කැර ඇති අතර, මැදපෙරදිග කලාපයේ උද්ගත වූ බොහෝ අර්බුදවලට සහ අස්ථාවරත්වයට ඊශ්‍රායලය වගකිව යුතු බවද ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කැර තිබේ.ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ජාත්‍යන්තරය ර්බුදවලට සහ අස්ථාවරත්වයට ඊශ්‍රායලය වගකිව යුතු බවද ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කැර තිබේ.
