Impartial news reporting for a stronger democratic society
හෝමූස් සමුද්‍ර සන්ධියේ සිදු­වන ඕනෑම අමෙ­රි­කානු මැදි­හ­ත්වී­ම­කට කඩි­නම්න් දරුණු ප්‍රති­චාර දක්වනවා – ඉරාන ඉස්ලා­මීය විප්ල­වීය ආර­ක්ෂක හමු­දාව

හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ සිදු­වන ඕනෑම අමෙ­රි­කානු මැදි­හ­ත්වී­ම­කට කඩි­නම් දරුණු ප්‍රති­චාර  දක්වන බව ඉරාන ඉස්ලා­මීය විප්ල­වීය ආර­ක්ෂක හමු­දාව අන­තුරු අඟවා තිබේ.

ඉරාන ඉස්ලා­මීය විප්ල­වීය ආර­ක්ෂක හමු­දාව  මෙම අන­තුරු ඇඟ­වීම සිදු කැර ඇත්තේ හෝමූස් යළි විවෘත කිරිම සඳහා අමෙ­රි­කානු නියෝ­ජි­ත­යන් සාම සාක­ච්ඡා­ව­ලදී දක්වන උත්සා­හ­යට ප්‍රති­චාර දක්ව­මිනි.

එම මුහුදු තීරය ඔස්සේ යාත්‍රා කරන සියලු වෙළෙඳ නැව් ඉරාන හමු­දාව නම් කරනු ලැබූ මුහුදු මාර්ගය අනු­ග­ම­නය කිරී­මට බැඳී සිටින බවත්, විකල්ප මුහුදු මාර්ග භාවිත කිරි­මට උත්සාහ ගන්නා ඕනෑම නෞකා­ව­කට පහර දෙන බවත් ඉරාන ඉස්ලා­මීය විප්ල­වීය ආර­ක්ෂක  හමු­දාව වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කැර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය යනු අමෙ­රි­කාවේ ක්‍රීඩා පිටි­යක් නොවන බවත්, එය ඉස්ලා­මීය ඉරාන ජන­ර­ජයේ ස්වෛරී­භා­ව­යට අයත් භුමි­යක් බවත් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඉරාන ආර­ක්ෂක හමු­දාව ප්‍රකාශ කැර තිබේ.

ඉරා­න­යට එරෙ­හිව ගන්නා ඕනෑම මිලි­ටරි ක්‍රියා­න්වි­ත­ය­කට දැඩි ප්‍රති­චාර දැක්වී­මට සූදා­නම් බවත් එම නිවේ­ද­න­යෙන් අමෙ­රි­කා­වට සහ ඊශ්‍රා­ය­ල­යට අන­තුරු අඟවා ඇත. ඉරා­නයේ නිද­හස, ආර­ක්ෂාව සහ භෞමික අඛ­ණ්ඩ­තාව සුරැ­කීම සඳහා පූර්ණ සූදා­න­ම­කින් පසු­වන බව ද එරට ආර­ක්ෂක හමු­දාව තව දුරටත්  සඳ­හන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp