
සියවසකටත් වැඩි කාලයකට පසුව වෙනිසියුලාවේ සිදුවූ ප්‍රබලතම භූ කම්පනයෙන් එරට දෙවැනි පෙලේ කණ්ඩායමකට ක්‍රීඩා කරන ආජන්ටිනා පාපන්දු ක්‍රීඩකයෙකුට ඔහුගේ බිරිය හා දරුවන් දෙදෙනා අහිමි වී තිබෙනවා.
Club Sport Maritimo La Guaira කණ්ඩායමට ක්‍රීඩා කරන ලුකාස් පෙරිහෝ (Lucas Trejo) ගොඩනැගිලි සුන්බුන් පීරමින් පසුගිය දින තුනේ වැඩි වේලාවක් ගත කර තිබෙන්නේ ඔහුගේ බිරිය යනිනා සහ ඔවුන්ගේ දරුවන් වන ඒරන් හා ඒන්හෝගේ සලකුණක් සොයමින්.
භූමිකම්පාවෙන් වැඩියෙන්ම බලපෑමක් ඇතිවූ ලා ගුවයිරා නගරයේ වෙරළට මුහුණ ලා පිහිටි ඔහුගේ නිවෙසේ කිසිම දෙයක් ඉතිරි වී නැහැ.
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් මේ වන විට පුද්ගලයින් 1,400කට වැඩි පිරිසක් මිය ගොස් දහස් ගණනකට වැඩි දෙනෙක් අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.
භූ කම්පන දෙක සිදුව තිබෙන්නේ 38 හැවිරිදි පෙරිහෝ කරාකස් අගනුවර කණ්ඩායම් පුහුණු කඳවුරක සිටියදී. ඔහු වහාම අගනුවරින් සැතපුම් 18ක් උතුරු දෙසින් පිහිටි ලා ගුවයිරා නගරයේ සිය නිවෙස වෙත ගොස් තිබෙනවා.
එහිදී ඔහු දැක තිබෙන්නේ භයංකර දර්ශනයක්. “ගොඩනැගිල්ල තිබූ තැන කිසිම දෙයක් ඔහුට හමුවුනේ නැහැ. අපේ ප්‍රාර්ථනාව වී තිබුණේ පවුලේ අය එහි නොසිටින්න ඇති කියලයි” පෙරිහෝගේ මස්සිනා පවසනවා.
සුන්බුන් පිරික්සා බලමින් හා අවට බිමේ හෝඩුවාවක් සොයමින් වෙහෙසුනු පෙරිහෝ විශාල යන්ත්‍රෝපකරණ අවශ්‍ය වන උපකාර ඉල්ලා සිටියා.
ඔහුගේ මිතුරන් හා කණ්ඩායම් සගයින් ද මීට වඩා ශක්තිමත් යන්ත්‍රන ක්‍රියාමාර්ගයක් අයැදිමින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා. “දැනට අපට තියෙන්නේ එක යන්ත්‍රයක් විතරයි. ඒක ප්‍රමාණවත් නැහැ” යැයි වෙනිසියුලාවේ මෙට්‍රොපොලිටානොස් පාපන්දු සමාජයේ ක්‍රීඩකයෙක් පවසනවා.
කෙසේ වෙතත්, සුන්බුන්වලට යටවූ පුද්ගලයින් සෙවීම අවසන් වී තිබෙන්නේ බොහෝ දෙනෙකුගේ හදවත් බිඳ දමමින්.
පෙරිහෝගේ පවුලේ ජීවිත නැතිවීම පිළිබඳව දැඩි කනගාටුව සමාජ මාධ්‍ය පෝස්ටුවක් මගින් ප්‍රකාශ කරන ඔහුගේ පාපන්දු ක්‍රීඩා සමාජය, පෙරිහෝගේ පවුලේ ඡායාරූපයක් ද බෙදා හැර තිබෙනවා. “ලුකාස්, ඔබ තනිවී නැහැ. පාපන්දු සමාජයේ ඔබේ පවුල ඔබ සමඟ ඉන්නවා” යනුවෙන් එහි සඳහන් කර තිබෙනවා.
අමෙරිකානු භූවිද්‍යාත්මක සමීක්ෂණය පවසන පරිදි මෙය කලාතුරකින් සිදුවන භූ කම්පන යුග්මයක්. තත්පර 39කින් පමණක් වෙන්ව හටගත් මේ විශාල භූ කම්පන දෙක රටේ පාපන්දු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මරුමුවට පත්කර තවත් අයට දැඩි බලපෑමක් සිදුකර තිබෙනවා.
මිය ගිය දහස් ගණන් පුද්ගලයින් අතර නැගී එන දක්ෂ තරුණ ක්‍රීඩක Yimvert Berroteran ද සිටි බව වෙනිසියුලා ජාතික කණ්ඩායම හා වෙනිසියුලානු පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා.
මේ 18 හැවිරිදි ක්‍රීඩකයා මීට මාස කිහිපයකට පෙර ඩෝහා හි පැවති වයස අවුරුදු 17න් පහළ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ අතර ඔහු මෑතකදී අවුරුදු 20න් පහළ ජාතික කණ්ඩායමට ද ක්‍රීඩා කර තිබෙනවා.
භූමිකම්පාව විසින් Victor Palacios හා Razan Sijaa යන තරුණ ක්‍රීඩකයින්ගේ ජීවිත ද බිලිගෙන තිබෙනවා.
තවත් ක්‍රීඩකයෙකු වන හෙක්ටර් බෙල්ලොගේ බිරිය ඔවුන්ගේ බිළිඳු දරුවා ආරක්ෂා කරමින් සිටියදී මිය ගියා.
චීන ජාතිකයින් අට දෙනෙක් ඇතුළු විදෙස් සංචාරකයින් හා විදේශීය නිත්‍ය පදිංචිකරුවන් ද මිය ගිය පුද්ගලයින් අතර සිටින බවට වාර්තා වී තිබෙනවා.
අවම වශයෙන් ස්පාඤ්ඤ ජාතිකයින් නව දෙනෙක් මිය ගොස් සිය දෙනෙකුට වැඩියෙන් අතුරුදන්ව ඇතැයි ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
ජීවිත බේරී තිබෙන පුද්ගලයින් සොයා ගැනීම සඳහා තිබෙන වඩාත්ම තීරණාත්මක කාලය වන පළමු පැය 72 දැන් ඉක්මවා ගොස් තිබෙනවා.
ෙඑතිහාසිකව, එම කාල සීමාවෙන් පසුව ජලය නැතිව පණපිටින් සිටීමේ අවස්ථාව වේගයෙන් අඩු වෙන අතර සමහර අධ්‍යයනයන් පවසන ආකාරයට පණ තිබියදී බේරා ගැනීම් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ පළමු දින පහ හෝ හය ඇතුළත.

(සටහන : වර්නන් ගුණසේකර)
‘ද ලීඩර්’ ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com
