
වෙනිසියුලාවේ කරාකස් අගනුවර උතුරු ප්රදේශයේ කි.මී.10ක පෘථිවි අභ්යන්තරයේ ඊයේ (29) අළුයම රිච්ටර් මාපක 4.6ක පසු කම්පනයක් නැවත සිදු වී ඇති බව වාර්තා වෙයි.
ඉන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර, අළුයම සුව නින්දේ සිටි නේවාසිකයන්, එම භු කම්පනයෙන් තිගැස්සී අවදි වූ බව සඳහන් ය.
පසුගිය බදාදා (25) සිදු වූ අති දරුණු ද්විත්ව භූ කම්පනයෙන් විනාශයට පත් වු ගොඩනැඟිලි සුන්බුන් අතර සිරව සිටින්නන් මුදා ගැනීමේ කටයුතු, මේ වන විට දිවා රාත්රීයේ සහන කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුම් සිව් වන දිනටත් ක්රියාත්මක කරම්න් සිටි.
එම භූ කම්පන හේතුවෙන් වඩාත්ම හානියට පත් ලා ග්වයිරා ප්රාන්තය වෙත වැඩි අවධානයක් යොමු කෙරෙමින් එම මෙහෙයුම් සිදු කෙරේ.
පසුගිය බදාදා (25) වෙනිසියුලාවේ අගනුවර අසල ඇති වූ ප්රබල භූමිකම්පා දෙකකින් අවම වශයෙන් පුද්ගලයන් 10000කට ආසන්න සංඛ්යවක් මිය ගොස් අවම වශයෙන් 5000ක් පමණ තුවාල බවා ඇති බවත්, කඩා වැටි ඇති ගොඩනැඟිලි සුන් බුන් අතර සිර වු පිරිස් බේරා ගැනීම සඳහා ගලවා ගැනීමේ සහන කණ්ඩායම් මේ වන විටත් කටයුතු කරමින් සිටින බව Cyber World Press අනාවරණය කැර තිබිණි.
කැරකස් සහ ඒ අසල පිහිටි වෙරළබඩ නගරයක් වන ලා ගුයිරා හි, කඩා වැටුණු ගොඩනැඟිලිවල සුන්බුන් යට සිරවී සිටින මිනිසුන් උදව් ඉල්ලන හඬවල් ඇසෙමින් තිබු බව සඳහාන්ය.
පළමු රික්ටර් පරිමාණයේ 7.2 ක භූමිකම්පාවෙන් තත්පර කිහිපයකට පසු ඊටත් වඩා ශක්තිමත් 7.5 ක භූමිකම්පාවක් ඇති වූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ ආයතනය (USGS) පවසා තිබිණි. දෙකම මතුපිටට ආසන්නව සිදු වූ අතර එමඟින් විනාශය වඩාත් දරුණු වී ඇත.
තවත් බොහෝ අය මිය ගොස් ඇති බවත්, නිවාස අහිමි වී හෝ ව්යසනයෙන් පසු වීදිවල නිදා සිටින අයුරු හා හානියට පත්, අනාරක්ෂිත ගොඩනැගිලිවල විශාල පිරිසක් රැඳී සිටින බවත් Cyber World Press වාර්තා කරයි.
