
දකුණු කොරියානු හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ගේ බිරිය වන කිම් කියෝන්හට වසර 07ක සිරදඬුවමක් නියම කෙරේ.
විදෙස් මාධ්‍ය වාර්තා කැර ඇත්තේ අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකාරිය වීම හේතුවෙන් සෝල්හි අධිකරණයක් මඟින් ඇයට පසුගිය දා මෙම දඬුවම නියම කැර ඇති බවයි .
යූන් සුක් ජනාධිපති ධුරය දැරූ 2022 – 2025 සමයේ දී ජනාධිපති ආර්යාවගේ තනතුර අවභාවිත කරමින් වොන් මිලියන 300කට අධික වටිනාකමින් යුතු ආභරණ ඇතුළු ත්‍යාග අල්ලස් ලෙස ලබා ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනාධිපති ආර්යාවට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබු බව සඳහන් වේ.
රට තුළ හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමේ අසාර්ථක උත්සහය හේතුවෙන් හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල් හට ද පසුගිය පෙබරවාරි මාසයේ දී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වූ අතර ඔහුට එරෙහිව තවත් චෝදනා රැසකට අදාළව නඩු විභාග වෙමින් පවතින බව විදෙස් වාර්තා පෙන්වා දී ඇත. ( දිනමිණ ඇසුරෙන්)
