Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් : චෙම්මනි සමූහ සුසානය මෙරට විශාලතම සමුහ මිනී වළ බවට පත්ව ඇතැයි අනාවරණය වෙයි !

වසරකට වැඩි කාලයක් අදියර තුනක් ඔස්සේ  කළ  කැණීම්වලින් මිනිස් සිරුරු 380 කට අයත් අස්ථි මතු කැර ගැනීමට හැකි  වී ඇත. චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානයෙන් මිනිස් අස්ථි සමඟ ම මේ වන තෙක්  ගොඩ ගන්නා ලද 120 ට ආසන්න පාරිහාරික වස්තු අතර, ළදරු කිරි බෝතල්, බෝනික්කකු ඇතුළු සෙල්ලම් බඩු, ළමා පාවහන් සහ පාසල් බෑග් හා කාසි කිහිපයක් ද වෙයි.

අධිකරණ නියෝග මත වෝහාරික පුරාවිද්‍යාඥ මහාචාර්ය රාජ් සෝමදේව සහ යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි සෙල්ලයියා ප්‍රනවන්ගේ මෙහෙයවීමෙන් යාපනය, චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය කැනීම් කටයුතු පළමු වරට ආරම්භ වුයේ 2025 මැයි 15 වැනිදායි.
චෙම්මනි සිත්තුපාත්ති සමූහ සුසානය රටේ විශාලතම සමුහ මිනී වළ බවට පත් වීමත් සමඟ මේ තාක් මෙරටින් හමු වු විශාලතම සමුහ සුසානය ලෙස සැලකු  බාල දරුවන් 28ක ඇතුළු මිනිස් සිරුරු කොටස් 376 ක් සොයාගත් මන්නාරම සතොස සමුහ මිනී වල ශ්‍රී ලංකාවේ දෙවැනියට විශාලතම සමුහ සුසානය බවට පත් වේ.
2013 වසරේ  දී මාතලේ රෝහල ආසන්නයේ භූමියකින් මළ සිරුරු 155 ක් ගොඩගන්නා ලද  අතර, එය ශ්‍රී ලංකාවෙන් හමුවු තෙවැනියට විශාලතම සමුහ සුසානය ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ සිව්වැනියට විශාලතම සමුහ සුසානය ලෙස සැලකෙන්නේ  අවම වශයෙන්  පුද්ගලයන් 106 දෙනකුට අයත් අස්ථි මතු කරගෙන ඇති කොළඹ  වරාය හමුහ මිනි වළයි.
පස්වැනියට විශාලතම සමුහ සුසානය ලෙස දැන් පිළිගැනෙන්නේ 2013 වසරේදීම මිනිස් සිරුරු 82 ක අස්ථි කොටස් ගොඩ ගත් මන්නාරම, තිරුකේතීස්වරම් සමූහ මිනී වලයි.  හයවැනියට විශාලතම සමුහ සුසානය වන  කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් කැනීම් කටයුතු අවසන් වන විට  පුද්ගලයන් 52 දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබුණි.
මේ සියලු සමුහ සුසාන හමුව තිබුණේ අහම්බයෙන් මිස රජයේ විමර්ශනවලින් නොවේ.

පෞද්ගලික රූපවාහිනි නාලිකාවක වැඩ සටහනකට එක් වෙමින් පසු ගිය වසරේ  නීතිඥ හර්ෂණ නානායක්කාර අධිකරණ  ඇමැතිවරයා මුල් වරට හෙළි කර තිබුණේ, මේ වනවිට ශ්‍රී ලංකාවේ සමූහ මිනීවලවල් 17ක් හමුවී ඇති බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp