
අමෙරිකානු හමුදාව ආසියාවට පිටුනොපාන බව අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පිට් හෙග්සෙත් සිංගප්පූරුවේ පැවති ෂැංග්‍රිලා සංවාද රැස්වීමේදී ප්‍රකාශ කැර තිබේ.
කලාපයේ ඉහළම ආරක්ෂක සංසදය ලෙස සැලකෙන ෂැංග්‍රිලා සංවාදයට එක්වූ ලොව පුරා රටවල් රැසක ආරක්ෂක ඇමැතිවරු සහ ආරක්ෂක ප්‍රධානීන් හමුවේ අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා මේ ප්‍රකාශය සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කැර තිබු බව Cyber World Press සඳහාන් කරයි.
තායිවානය සමඟ පැවති අවිආයුධ සහ හමුදාමය උපකරණ සැපයීමේ ගනුදෙනුව අත්හිටුවීමෙන් පසු අමෙරිකාව ආසියානු කලාපය සඳහා ඇති දැඩි කැපවීමක් පෙන්නුම් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කැර තිබේ.
ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්ෂාව සඳහා වැඩි මුදලක් වැය කරන ලෙස කලාපයේ සියලු රටවලින් ඔහු ඉල්ලීමක් ද කැර තිබේ. ආසියානු-පැසිෆික් කලාපයට චීන හමුදාවෙන් තර්ජනයක් ඇතැයි ද සඳහන් කැර ඇති අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා, අනවශ්‍ය ගැටුමක් වළක්වා ගැනීමට අමෙරිකාවට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඉරානය සමඟ ගිවිසුමකට එළැඹීම ඉතා ආසන්නයේ ඇති බවටත්, ගිවිසුමට එකඟවීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගනු ඇති බවටත් පීට් හෙග්සෙත් අනතුරු අඟවා ඇත.
ඉරානයට න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඉඩ නොදිය යුතු බව ලොවම පිළිගන්නා බව ද අවධාරණය කැර තිබේ. කෙසේ වෙතත් ඉරානය සමඟ නැවත යුද්ධයකට පිවිසීම සඳහා අරාබි මුහුදේ අමෙරිකානු හමුදාව සීරුවෙන් තබා ඇතැයි ද ඔහු ප්‍රකාශ කැර ඇත.
මේ අතර ආසියානු කලාපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා අමෙරිකාවේ කැපවීම සම්බන්ධව ඇති ගැටලු විසඳන ලෙස මෙහිදී අදහස් පළ කළ ජපාන ආරක්ෂක ඇමැති ෂින්ජිරෝ කොයිසුමි අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගෙන් ඉල්ලීමක් කැර තිබේ. ඔහු සඳහන් කැර ඇත්තේ ඇතැම් රටවල් එම කැපවීම අවතක්සේරු කළ හැකි බැවින් අමෙරිකාවට සහ අමෙරිකානු හිතවාදී රටවලට ආසියානු කලාපය සම්බන්ධව පවතින කැපවීම සහතික කළ යුතු බවයි.
