Impartial news reporting for a stronger democratic society
අයථා ලෙස මුදල් උපයා ගැනීමේ නඩුව : බැසිල්ට වරෙන්තු

පොදු ජන එක්සත් පෙරමුණු  ආණ්ඩුවේ  ඇමැතිවරයකුව සිටි බැසිල් රාජපක්ෂට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක නියෝග ඊයේ(22) කෙළේය.

මෙම නඩුව පවරා ඇත්තේ මාතර, බ්‍රවුන්ස්හිල් (Browns Hill) හෙවත් එළියකන්ද පාරේ පිහිටි අක්කර එකහමාරක වටිනා ඉඩමක් මිලදී ගැනීමට අදාළවයි.
රුපියල් මිලියන 66කට පමණ සිදුකළ මෙම මිලදී ගැනීම සඳහා උපයාගත් ආකාරය හෙළි කළ නොහැකි, අයථා ලෙස උපයාගත් මුදල් (Misappropriated funds) යොදවා ඇති බවට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) මඟින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා නඟා ඇත.
මෙම සිදුවීමට අදාළව බැසිල් රාජපක්ෂ ට අමතරව තවත් කිහිපදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.
ඒ අතර,

* ඔහුගේ බිරියගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති
*
ඇයගේ ස්වාමිපුරුෂයා වන තිස්ස ගලප්පත්ති යන අයද මෙම නඩුවේ විත්තිකරුවන් වේ.
බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් බැසිල් රාජපක්ෂ අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
මීට පෙර මෙම නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ ට පනවා තිබූ විදේශ ගමන් තහනමද අධිකරණය මඟින් තාවකාලිකව ඉවත් කැර තිබුණේ විදේශගතව ප්‍රතිකාර ලබාගැනීම සඳහාය.
කෙසේවුවද දිගින් දිගටම බැසිල් රාජපක්ෂ හිටපු  ඇමැතිවරයා, අධිකරණය මග හරිමින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක බැසිල් රාජපක්ෂ ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කෙළේය.( Source -The Leader)

Follow by Email
LinkedIn
Share
WhatsApp