
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වාරික සභාපති රට ලෙස, චීනය ලබන 26 වැනිදා ආරක්ෂක මණ්ඩලයේ ඉහළ මට්ටමේ විශේෂ රැස්වීමක් පවත්වීමට තිරණය කැර ඇත.
“එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම ආරක්ෂා කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය කෙන්ද්රි කැර ගත් ජාත්‍යන්තර පද්ධතිය ශක්තිමත් කිරීම ” එහි තේමාවයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික සහ විදේශ ඇමැති වං යී මහතා, මෙම රැස්වීමේ මුලසුන දැරීමට අමෙරිකාවේ නිව්යෝර්ක් වෙත යෑමට නියමිත අතර ඔහු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ අදාළ රටවල විදේශ ඇමැතිවරුන් හමු වීමට නියමිතය.
මේ පිළිබඳ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා පෙන්වා දුන්නේ, චීනය ,පවත්වන ලද මෙම ආරක්ෂක මණ්ඩලයේ ඉහළ මට්ටමේ රැස්වීම, එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ සමකාලීන වටිනාකම, එහි පිළිපැදීමේ සහ ක්‍රියාත්මක කිරීමේ අරමුණු සහ මූලධර්ම වැනි ජාත්‍යන්තර ප්‍රජාවට පොදු සැලකිල්ලක් දක්වන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවයි.
එසේම කැනේඩියානු විදේශ ඇමැති Anita Anand මහත්මියගේ ආරාධනයෙන්, වං යී මහතා මැයි 28 සිට 30 දක්වා කැනඩාවේ සංචාරය කිරීමට ද නියමිතය.
