
ඇෆ්ගනිස්තාන සරණාගතයන් 5,781දෙනකු එක් දිනක් තුළ පකිස්ථානයෙන් පිටුවහල් කැර ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කැර තිබේ.
ඇෆ්ගනිස්තාන සරණාගතයන් ඉලක්ක කරගත් නවතම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පාකිස්තානය රජය පසුගිය අඟහරුවාදා දිනයේ පමණක් පිටුවහල් කර ඇත්තේ පවුල් 1,077කට අයත් සරණාගතයන් පිරිසක් බව ද ෂිංහුවා පුවත් සේවය වැඩිදුරටත් සඳහාන් කෙළේය.
ඇෆ්ගනිස්තානයේ බක්ටාර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ නැවත පැමිණි සරණාගතයන් ඔවුන් මීට පෙර පදිංචි වී සිටි ප්‍රදේශ වෙත ප්‍රවාහනය කිරීමට තලේබාන් බලධාරින් පියවර ගත් බවයි.
මුදල්, සිම් කාඩ්පත්, වෛද්‍යාධාර සහ ආහාර ඇතුළු පහසුකම් ඔවුන්ට ලබා දීමට ද තලේබාන් රජයේ බලධාරින් කටයුතු කැර ඇත. දශක 4කට වැඩි කාලයක් ඇෆ්ගනිස්තාන සරණාගතයන්ට රැකවරණය ලබා දුන් පාකිස්තාන රජය මෑත කාලයේදී අනවසර සරණාගතයන් සොයා වැටලීම්, රඳවා තබා ගැනීම් සහ බලහත්කාරයෙන් රටින් පිටුවහල් කිරීම් ඉහළ දමා ඇති බව අනාවරණය වේ. මේ වන විටත් පෙෂාවර් නුවර කේන්ද්‍ර කරමින් ඇෆ්ගන් ජාතිකයන් 1,500කට අධික පිරිසක් රඳවා තබා ඇතැයි ද සඳහාන් වේ.
