
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නිල සංචාරයක නිරත වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (11) නිවේදනය කෙළේය.
චීන ජනාධිපති ෂී ජින් පිං ගේ ආරාධනයෙන් එළඹෙන 13වැනි දා සිට 15වැනි දා දක්වා අමෙරිකානු ජනාධිපතිවරයා චීනයේ සංචාරය කරනු ඇති බව චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
