Impartial news reporting for a stronger democratic society
අමෙරිකාවේ සාම යෝජනාවලට ඉරානය දක්වන ප්‍රතිචාර  සම්පූර්ණයෙන්ම පිළිගන්න බැහැ – ජනපති ට්‍රම්ප් – කිසි විටෙකත් සතුරා ඉදිරියේ හිස නමන්නේ නැහැ – ඉරාන ජනාධිපති

යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකාවේ යෝජනාවට ඉරානය දක්වා ඇති ප්‍රතිචාරය සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව ජනපති ට්‍රම්ප් පවසයි.

සියලු පෙරමුණුවල යුද්ධය වහාම අවසන් කිරීම, අමෙරිකා නාවික අවහිරය නැවැත්වීම සහ ඉරානයට තවදුරටත් ප්‍රහාර එල්ල නොකිරීම සහතික කිරීම ඉරානයේ යෝජනාවට  ප්‍රධාන වශයෙන් ඇතුළත්ය.

සාම මැදිහත්කරු ලෙස පාකිස්තානය හරහා මෙම ඉල්ලීම් යොමු කැර තිබේ.

යුද්ධය අවසන් කිරීම සඳහා සටන් විරාමයක් ක්‍රියාත්මක වුවද ප්‍රහාර කිහිපයක් දෙපාර්ශ්වයම එල්ල කැර ගෙන ඇත.

මෙම සතිය මුලදී, ඉරාන යුද්ධය ඉක්මනින් අවසන් වන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ප්‍රකාශ කැර තිබුණි.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ ඉරානයට එරෙහි යුද්ධය අවසන් යැයි කීමට පෙර ඉරානය බලගැන් වු  කළ යුරේනියම් තොග ඉවත් කළ යුතු බවයි.

මේ අතර ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පැවසුවේ තමන් කිසි විටෙකත් සතුරා ඉදිරියේ හිස නොනමන බවයි. සංවාදයක් හෝ සාකච්ඡා වලින් අදහස් කරන්නේ යටත් වීමක් හෝ පසුබැසීමක් නොවන බව ඔහු සඳහන්  කැර ඇති බව ටෙහේරානයේ  සිටින Cyber World Press විශේෂ නියෝජිත ප්‍රකාශ කරයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp