
විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මේ වසරේ ඔක්තෝබර් දක්වා කාලය තුළ මෙරට ට ඒ්වා තිබෙන ප්‍රේෂණවල වටිනාකම රුපියල් කෝටි 195,000 (අමෙරිකානු ඩොලර් බිලියන 6.5) ඉක්මවා ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කැර සිටි.
ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ පළමු වැනිදා සිට ඔක්තෝබර් මාසයේ 31 වැනි දා දක්වා විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව අමෙරිකානු ඩොලර් බිලියන 6.52 ක ප්‍රේෂණ සිදුකර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද නවතම සංඛ්‍යා ලේඛනවල සඳහන් වෙයි.
මෙම අගය පසුගිය (2024) වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව බලන විට සියයට 20.1 ක් වන අතර එය කැපී පෙනෙන වර්ධනයක් බව ද මහ බැංකුව පෙන්වා දෙයි. ඊට අමතරව පසුගිය ඔක්තෝබර් මාසයේ දී පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 712 ක ප්‍රේෂණ ලැබී තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස නවය තුළ සංචාරක ඉපැයීම් අමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බවයි. ඒ අනුව, 2025 මුල් මාස නමය තුළ මුළු සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 2.47ක් ලෙස වාර්තා වන අතර , එය 2024 මුල් මාස නමය තුළ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 2.34ක සංචාරක ඉපැයීම් හා සසඳන විට සියයට 5.3 ක වැඩිවීමකි.
කෙසේ වුවද විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෑත කාලයේ ධනාත්මක ප්‍රවණතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර පසුගිය වර්ෂයට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
දිනඹිණ ඇසුරින්
මහින්ද අලුත්ගෙදර
