Impartial news reporting for a stronger democratic society
ඉරා­න­යට එරෙහි යුද්ධය අව­සන් ! – ට්‍රම්ප් කොංග්‍ර­ස් මණ්ඩලයට දැනුම් දෙයි

ඉරා­න­යට එරෙහි යුද්ධය අව­සන් බව අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට කොංග්‍ර­ස් මණ්ඩලයට ලිඛි­තව දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය  අනාවරණය කරයි.

යුද්ධ­යක් පව­ත්වා­ගෙන යෑම සඳහා කොංග්‍ර­සයේ අනු­මැ­තිය ලබා­ගත යුතු දින 60ක  කාල­සී­මාව අව­සන් වීමත් සමඟ ඔහු එම ලිපිය යොමු කැැ ඇත.

වසර 1973 දී ස්ථාපිත කළ එරට යුද බල­තල පනත යටතේ අමෙ­රි­කා­වට තර්ජ­න­යක් එල්ල වන අව­ස්ථා­ව­ලදී හමු­දාව යෙද­වී­මට ජනා­ධි­ප­ති­ව­ර­යාට හැකි­යා­වක් පැවැ­ති­යද, යුද මෙහෙ­යුම් අඛ­ණ්ඩව සිදු කිරි­මට නම් දින 60ක් ඇතු­ළත කොංග්‍ර­සයේ අනු­මැ­තිය ලබා­ගැ­නීම අනි­වාර්ය වේ .

 ඒ අනුව කොංග්‍ර­සයේ අනු­මැ­ති­ය­කින් තොරව ජනා­ධි­ප­ති­ව­රයා  පසුගිය පෙබ­ර­වාරි 28 වැනිදා ආරම්භ කළ ඉරාන එරෙහි යුද්ධ­යට පසු­ගිය 1 වැනිදා වන විට දින 60 සම්පූර්ණ වූ අතර, ට්‍රම්ප් කොංග්‍ර­ස­යට දැනුම් දී ඇත්තේ අමෙ­රි­කාව සහ ඉරා­නය අතර සටන් විරා­මය ප්‍රකා­ශ­යට පත්වී­මත් සමඟය. එහෙත් යුද ගැටුම් නිමා­වට පත්වූ බැවින් කොංග්‍ර­සයේ අනු­මැ­තිය අවශ්‍ය නොවන බව විචාරකයන්ගේ මතය වී තිබේ. පසු­ගිය අප්‍රේල් මස 7 වැනිදා සිට අමෙ­රි­කාව සහ ඉරා­නය අතර කිසිදු යුද ගැටු­මක් සිදු­නොවූ බවද කොංග්‍ර­සයේ කථා­නා­යක මයික් ජොන්සන්ට සහ සෙනෙට් සභාවේ සභා­පති චක් ගැස­ලිට යොමු කැර ඇති ලිපියේ වැඩි­දු­ර­ටත් සඳ­හන් වී  තිබේ. කෙසේ වුවත් අරාබි මුහුදේ හමු­දාව රඳවා තැබීම සහ ඉරාන වරා­යන් අව­හිර කිරීම සඳහා ජනා­ධි­ප­ති­ව­ර­යාට කොංග්‍ර­සයේ අනු­මැ­තිය අවශ්‍ය නොවන බැවින් ඉරාන ආර්ථි­කය අඩ­පණ කිරීම තව­දු­ර­ටත් සිදු­වනු ඇතැයි  අනාවරණය වෙයි.

මේ දක්වා පැවති යුද්ධ­යෙන් අමෙ­රි­කාව කැපී පෙනෙන සාර්ථ­ක­ත්ව­යක් ලැබු­ව ද, ස්ථීර සාම­යක් අත්කර ගැනීම සඳහා අඛ­ණ්ඩව උත්සාහ කළ යුතු බව ඔහු කොංග්‍ර­ස­යට දැනුම් දී ඇති අතර, අමෙ­රි­කානු ජන­තා­වට සහ හමු­දා­වට ඉරා­න­යෙන් එල්ල වන තර්ජ­නය තව­දු­ර­ටත් පව­තින බව ද දැනුම් දී තිබේ. බාහිර තර්ජ­න­ව­ලින් අමෙ­රි­කාව ආරක්ෂා කිරීම ජනා­ධි­ප­ති­ව­රයා ලෙස තම වග­කීම බවත්, ඔහු කොංග්‍ර­ස­යට පෙන්වා දී ඇත. සිය ලිපිය යොමු කිරී­මෙන් පසු වාර්තා­ක­රු­වන් ඇමතු ජනා­ධි­ප­ති­ව­රයා සඳ­හන් කර ඇත්තේ ඉරාන යුද්ධය තව­දු­ර­ටත් පව­ත්වා­ගෙන යෑමට කොංග්‍ර­සයේ අනු­මැ­තිය ලබා ගැනී­මට කිසිදු අද­හ­සක් නැති බවයි. අමෙ­රි­කාවේ යුද බල­තල පනත ව්‍යවස්ථා විරෝධී බවට ඔහු බර­ප­තළ විචේ­ච­න­යක් ද එල්ල කැර ඇති බව සඳහාන්ය. ( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp