
ඉන්දියාව ඉදිරි අවුරුදු එකහමාරක කාලසීමාව ඇතුළත R-37M වර්ගයේ දිගුදුර මිසයිල 300ක් රුසියාවෙන් මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1.2ක ගිවිසුමකට අත්සන් තබා ඇතැයි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය සඳහාන් නැර ඇත.
ඉන්දියාවේ ගුවන් හමුදාව වැඩිදුරටත් ශක්තිමත් කිරීම සඳහා එම මිසයිල ඉන්දියාවේ ප්‍රහාරක ජෙට් යානාවලට සහ ප්‍රංශයෙන් ආනයනය කරනු ලැබූ රෆායල් ප්‍රහාරක යානාවලට භාවිත කිරිමට නියමිත බව ද අනාවරණය වේ.
ආර්-37එම් නමින් හඳුන්වනු ලබන එම මිසයිලවලට කිලෝමීටර් 300ක දුර ප්‍රමාණයක් ආවරණය කිරීමේ හැකියාව පවතින අතර, දිගින් මීටර් 4.2ක් වන බව ද වාර්තා වේ. ඉන්දීය රජය මහ පරිමාණයෙන් අවි ආයුධ සහ හමුදාමය උපකරණ මිලදී ගැනීම සඳහා ඩොලර් බිලියන 25ක ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුමත කැර තිබූ බව ද සඳහාන් වේ. පාකිස්තානය සමඟ උද්ගත වූ ගැටුම් සහ චීනය සමඟ පවතින උණුසුම් තත්ත්වය මධ්‍යයේ සිය හමුදාව නවීකරණය කිරීම වේගවත් කරමින් සිටින බව Cyber World Press උපුටා දක්වමින් සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය සඳහාන් නැර ඇත.
