Impartial news reporting for a stronger democratic society
ඉරානයට මුදල් ගෙවා හෝමූස් හරහා යන නෞකා­ව­ලට  අමෙරිකාවෙන් සම්බා­ධක

හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීම සඳහා ඉරා­න­යට මුදල් ගෙවන නෞකා­ව­ලට සම්බා­ධක පන­වන බවට අමෙ­රි­කාව නැව්ගත කිරීමේ සමා­ග­ම්ව­ලට අන­තුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදේ­ශීය වත්කම් පාල­නය කිරීමේ අමෙ­රි­කානු කාර්යා­ලය අන­තුරු ඇඟ­වීමේ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කැර ඇත්තේ අමෙ­රි­කානු ජාති­ක­යන් සහ නැව්ගත කිරීමේ සමා­ග­ම්ව­ලට ඉරා­න­යට මුදල් ගෙවීම තහ­නම් කර ඇති බවයි. එවැනි පිය­ව­රක් අනු­ග­ම­නය කරන විදේ­ශීය නැව්ගත කිරිමේ සමා­ගම් ද සම්බා­ධ­ක­ව­ලට මුහුණ දීමේ අව­දා­න­මට ලක්වනු ඇතැයි එම නිවේ­ද­නයේ සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් අනාවරණය කරයි.

පසු­ගිය පෙබ­ර­වාරි මස අග­ භා­ග­යේදී යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඉරාන ආර­ක්ෂක හමු­දාව හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගම­නා­ග­ම­න­යට දැඩි අව­හි­රතා සිදු කැර ඇති අතර, අමෙ­රි­කානු රජය ද ඉරාන වරා­යන් ඉලක්ක කර­මින් තවදුර­ටත් එවැ­නිම අව­හි­රතා සිදු කර­මින් සිටින බව සඳහාන්ය වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp