

2026 නොබෙල් සාම ත්‍යාගයේ අපේක්ෂකයන් 287 දෙනා අතරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේද නාම ද යෝජනා වී ඇතැයි නොබෙල් කමිටුවේ ලේකම් ක්‍රිස්ටියන් බර්ග් හාප්විකන් පසුගිය (30) බ්‍රහස්පතින්දා රොයිටර් පුවත් සේවයට පැවසූ බව ලන්ඩන් නුවර සිටින Cyber World Press විශේෂ නියෝජිත පවසයි.
තවදුරටත් ,ලේකම්වරයා පවසා ඇත්තේ, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද නාමයෝජනා වුවන් අතරට එක්වීමට ඉඩ තිබෙන බවයි.
මෙම වසරේ නාමයෝජනාවලින් 208 ක් පුද්ගලයන් වන බවත්, 79ක් සංවිධාන බව පවසන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කැර ඇත්තේ, පසුගිය වසරට සාපේක්ෂව නව නාමයෝජනා රාශියක් නොබෙල් කමිටුව වෙත ලැබී ඇති බවයි.
ලෝක සාමය සඳහා වු සංවිධාන නොබෙල් කමිටුවේ හැසිරීම සහ ක්‍රියාකලාපය ගැන මේ වන විට දැඩි අවධානයෙන් සිටින බව අනාවරණය වෙයි. යම් හේතුවකින් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සාමය සඳහා වු නොබෙල් ත්‍යාගයට නිර්දේශ වුවහොත්, එය මේ සියවසේ ලොකුම විහිළුව බවත්, ලක්ෂ ගණනින් ලොවවටා මිනිසුන් මරා දැමු ජර්මනියේ හිට්ලර් ජිවතුන් අතර නැති වුවත් ඔහුට නොබෙල් සාම ත්‍යාගය දීම වරදක් නොවන බව ලෝකයේ සාමය සඳහා වු සංවිධාන සහ දේශපාලන විචාරකයන් පවසති.ඔවුන් පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ ද නොබෙල් සාම ත්‍යාගය බලාපොරොත්තුවෙන් ට්‍රම්ප් සිටි බවත්, එය නොලැබුණ තැන නොබෙල් කමිටුවට බැන වැදුනු බව සඳහාන් කරයි..
