
කොළඹ විශ්වවිද්‍යාලයේ පසිදු මාලවන 2026 Samoa IBFC Universal Weightlifting Cup ජාත්‍යන්තර බර ඉසිලීමේ තරගාවලියේ දී රිදී පදක්කම දිනාගෙන ඇත.
පසුගිය දා සැමෝවා රාජ්‍යයේ Apia නගරයේ 2026 Samoa IBFC Universal Weightlifting Cup බර ඉසිලීමේ ජාත්‍යන්තර තරගාවලිය පැවති අතර එහි දී කිලෝගෑම් 79KG බර පන්තියේ ස්නැච් අංශයේ කිලෝගෑම් 135KG බරක් ඔසවමින් රිදී පදක්කම දිනා ගැනීමට පසිදු මාලවන සමත් විය. පසිදු මාලවන කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිව්වැනි වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකි. මෙම තරගාවලිය සඳහා රටවල් 14 ක 500කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී විය. මෙම තරගාවලිය Oceania කලාපයේ පැවැත්වූ විශාලතම බර ඉසිලීමේ තරග අතරින් එකක් වීම විශේෂයත්වයකි.

සටහන –
සමීර මදුසංක හේවා ගමගේ
