Impartial news reporting for a stronger democratic society
සිරි­න්ජර නැවත භාවි­තා කිරිමෙන් පාකි­ස්තා­නයේ පන්ජාබ් ප්‍රාන්තයේ දරු­වන් 331ට HIV

මූලික සනී­පා­ර­ක්ෂක විධි­ම­ත්භා­වය උල්ලං­ඝ­නය කර­මින් වරක් භාවිත කරන ලද සිරි­න්ජර නැවත භාවි­ත­යට ගැනීම හේතු­වෙන් පාකි­ස්තා­නයේ පන්ජාබ් ප්‍රාන්තයේ දරු­වන් 331 දෙන­කුට එච්අ­යිවී වයි­ර­සය ආසා­ද­නය වී ඇතැයි විම­ර්ශ­න­ය­කින් හෙළි වී තිබේ.

බීබීසී පුවත් සේවය මඟින් පන්ජා­බයේ රජයේ රෝහ­ලක රහ­සි­ග­තව සිදු කරනු ලැබූ වීඩි­යෝ­ගත කිරී­ම­කින් වෛද්‍ය කාර්ය මණ්ඩ­ලය දරු­වන්ට සිරි­න්ජර නැවත භාවිත කරන ආකා­රය රූගත කර ඇති අතර, එවැනි සාක්ෂි තිබි­ය­දීත් රෝහල් බල­ධා­රින් මේ චෝද­නාව ප්‍රති­ක්ෂේප කැර ඇතැයි ගල්ෆ් නිවුස් පුවත් සේවය සඳහාන් කෙළේය.

බීබීසී පුවත් සේවයේ  මාධ්‍යවේදීන්  පන්ජාබ් ප්‍රාන්තයේ ටවුන්සා ප්‍රදේ­ශයේ පිහිටි රජයේ රෝහ­ලක පැය 32කට වැඩි කාල­යක් මේ වීඩියෝ රූගත කිරිම සිදු කැර ඇති බවත්, රෝහල් කාර්ය මණ්ඩ­ලය රෝගීන් කිහි­ප­දෙ­න­කු­ටම එක් සිරි­න්ජ­ර­යක් භාවිත කරන ආකා­රය පටි­ගත කැර ඇති බවත් එම පුවත් සේවය වැඩි­දු­ර­ටත්  අනාවරණය කරයි.

එච්අ­යිවී ආසා­දි­ත­යන්ගේ සංඛ්‍යාව වර්ධ­නය වීම සම්බ­න්ධ­යෙන් පාකි­ස්තා­නයේ වෛද්‍ය විද්‍යා­ය­ත­නයේ විශේ­ෂ­ඥ­වරු දැඩි කන­ස්ස­ල්ලට පත්වී ඇති අතර, දරු­වන් අතර එම රෝගී තත්ත්වය ඉහළ යෑම කන­ගා­ටු­දා­යක සහ බර­ප­තළ සිදු­වී­මක් බව ප්‍රකාශ කැර තිබේ.( දිනමිණ ඇසුරෙන්)

Follow by Email
LinkedIn
Share
WhatsApp