
ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (19) ශ්‍රී ලංකාවේ පැමිණි අතර, ඔහුට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු පෙළේ දී ඉතා උණුසුම් පිළිගැනීමක් හිමි විය.
ඉන්දීවේ උප ජනාධිපතිවරයකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු නිල ද්විපාර්ශ්වික සංචාරය වන අතර, එය ඓතිහාසික වැදගත්කම ඉස්මතු කරන අවස්ථාවකි. මෙම සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිර්ඝ කාලීන ශිෂ්ටාචාර සබඳතා සහ ජනතාව අතර පවතින මිත්‍රශිලී බැදීම තවදුරටත් ශක්තිමත් කිරීමට මුලික අරමුණ වෙයි.
මෙම සංචාරය අතරතුර, සංචාරක, ආර්ථික සහයෝගීතාව සහ දෙරට අතර සංස්කෘතික හුවමාරු ඇතුළු බහුවිධ අංශ හරහා සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙයි.
(Cyber World Press -Colombo)
