
අමෙරිකා – ඊශ්‍රායල් රෙජිමය ඉරානයට එරෙහිව ගෙන යන යුද්ධය සමතයකට පත් පත් කිරීම සඳහා පකිස්ථානය ගෙන යන තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම නිසා මුළු ලෝකයේම අවධානය ඔවුන් වෙත යොමුව ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
ඉරානය සහ අමෙරිකාව අතර පවතින දැඩි අවිශ්වාසය සහ ඊශ්‍රායලය මෙම ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ නොවීම සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳව අවිශ්වාසයක් මතු කරන බව දේශපාලන විශ්ලේෂකයෝ තවදුරටත් පෙන්වා දෙති.
එසේ වුවද, වසර 15කට පසුව අමෙරිකානු උප ජනාධිපතිවරයකු පාකිස්ථානයේ සංචාරයක නිරත වීමත් දෙපාර්ශ්වයම ගැටුම්වලින් හෙම්බත් වී සිටීමත් හේතු කොට ගෙන කිසියම් මට්ටමක එකඟතාවයකට පැමිණීමට අවස්ථාවක් පවතින බව සදහන් වේ.
මෙම තීරණාත්මක රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම වෙනුවෙන් ඉස්ලාමාබාද් අගනුවරට ඊයේ සහ අද දිනයන් රජයේ නිවාඩු දිනයන් ලෙස ප්‍රකාශයට පත් කැර ඇති අතර, මුළු ලෝකයේම අවධානය මේ වන විට පාකිස්ථානය දෙසට යොමු වී තිබීම විශේෂත්වයකි.
