Impartial news reporting for a stronger democratic society
පාකි­ස්තාන – ඇෆ්ග­නි­ස්තාන සාමසාකච්ඡා බිද වැටෙයි

පාකි­ස්තාන සහ ඇෆ්ග­නි­ස්තාන නියෝ­ජි­ත­යන් අතර තුර්කියේ ඉස්තා­න්බුල් නග­රයේ පැවති සාම සාකච්ඡා අසා­ර්ථක  වී ඇතැයි තලේ­බාන් රජයේ මාධ්‍ය ප්‍රකා­ශක සබි­යුල්ලා මුජා­හිද් රොයි­ටර් පුවත් සේවයට පවසා තිබේ.

පාකි­ස්තා­නයේ අභ්‍ය­න්තර ආර­ක්ෂාව බිඳ වැටීමේ වග­කීම භාර­ගන්නා ලෙස පාකි­ස්තාන රජය කළ ඉල්ලීම ඇෆ්ග­නි­ස්තා­නයේ තලේබාන්  රජය ප්‍රති­ක්ෂේප කරනු ලැබීම ඊට හේතු වී ඇතැයි තලේ­බාන් මාධ්‍ය ප්‍රකා­ශකවරයා  සඳ­හන් රොයි­ටර් පුවත් සේවයට  වාර්තා  කැර තිබේ.

සාම සාකච්ඡා අසා­ර්ථක වුවද දෙරට අතර දේශ­සීමා ගැටුම් සම්බ­න්ධව ඇති­ ක­ර­ගත් සටන් විරා­මය තව­දු­ර­ටත් ක්‍රියා­ත්මක වන බවත්, ඇෆ්ග­නි­ස්තා­නයේ සිට ක්‍රියා­ත්මක වන ටෙහ්රීකි තලේ­බාන් පාකි­ස්තාන සංවි­ධා­න­යෙන් ප්‍රහා­ර­යක් එල්ල නොවන තාක්කල් සටන් විරා­මය පව­තිනු ඇතැයි පාකි­ස්තාන ආර­ක්ෂක ඇමැති කවාජා මොහො­මඩ් ප්‍රකාශ කැර  ඇතැයි අනාවරණය වෙයි.

එහෙත් එම සංවි­ධා­නය පාකි­ස්තා­නය තුළ සිදු කරනු ලබන ත්‍රස්ත ප්‍රහාර නැවැ­ත්වී­මට තලේ­බාන් රජ­යට නොහැකි බවත්, එය පාකි­ස්තාන හමු­දාව පාල­නය කැර­ගත යුතු බවත් තලේ­බාන් මාධ්‍ය ප්‍රකා­ශක වැඩි­දු­ර­ටත් සඳ­හන් කැර තිබේ. පාකි­ස්තා­නයේ අභ්‍ය­න්තර ත්‍රස්ත ප්‍රහාර සිදු කරනු ලබන ටෙහ්රීකි තලේ­බාන් පාකි­ස්තාන සංවි­ධා­න­යට ඇෆ්ග­නි­ස්තා­නය තුළ රැක­ව­ර­ණය ලැබෙන බවට දිගින් දිග­ටම චෝදනා එල්ල වී ඇති අතර, තලේ­බාන් රජය එම චෝද­නාව ප්‍රති­ක්ෂේප කැර ඇතැයි ද සදහාන් වෙයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp