

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන “කුඩු සලිඳු’, සලිඳු මල්ෂික ගුණරත්න නමින් විදේශ ගත වු ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් වහාම විමර්ශනය කැර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පසුගිය දා (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙළේය.
එම විමර්ශන සඳහා අවශ්‍ය නම් අධිකරණ නියෝග ලබා ගන්නා ලෙස කියා සිටි මහේස්ත්‍රාත්වරයා ඊට සහාය වූ සියලු දෙනා අනාවරණය කැර අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කෙළේය.
“මෙවැනි සැකකරුවන් විවිධ අධිකරණවලින් ඇප ලබා විවිධ නම්වලින් විදේශ ගත වෙනවා” යැයි කී මහේස්ත්‍රාත්වරයා සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ නියෝග නොගත්තේ ඇයි දැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා සිටියේය. සැකකරු විදේශ ගතවූ බව කියන විදේශ ගමන් බලපත්‍රය සකස් කැර ඇත්තේ බන්ධනාගාරගතව සිටි කාලයේ ද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
එම වාර්තා මෙතෙක් ලැබී නැති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකරුට ඇප තැබූ ඇපකරුවන් පදිංචි ස්ථානවල නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
සැකකරු රටින් පැන යෑමට භාවිත කළ විදේශ ගමන් බලපත්‍රය බන්ධනාගාරයේ සිටියදී සකස් කළ එකක්ද යන්න සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීමට අනුවය.
( දිනමිණ ඇසුරෙන් – සුභාෂිණි සේනානායක සහ රොශෙල් ප්‍රනාන්දු)
