Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන බලශක්ති හවුල්කාරිත්වයක් අපේක්ෂා කරනවා – රුසියානු නියෝජ්‍ය විදේශ ඇමැති ඇන්ඩ්‍රි රුඩෙන්කෝ කියයි

කෙටි කාලීන ගිවිසුමකට වඩා ශ්‍රී ලංකාව සමඟ දිගුකාලීන බලශක්ති හවුල්කාරිත්වයක් අපේක්ෂා කරන බව කොළඹට පැමිණ සිටින රුසියානු නියෝජ්‍ය විදේශ  ඇමැති ඇන්ඩ්‍රි රුඩෙන්කෝ පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පාත්ෆයින්ඩර් පදනමේ  මෙහෙය වීමෙන් පෙරේදා (01) කොළඹ හෝටලයක පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

රුසියානු නියෝජ්‍ය විදේශ  ඇමැති ඇන්ඩ්‍රි රුඩෙන්කෝ  තවදුරටත්  මෙසේද පැවසීය.

රුසියාවේ නියෝජ්‍ය බලශක්ති  ඇමැති  රෝමන් මාර්ෂවින්ගේ  පසුගිය සතියේ  ශ්‍රී ලංකාවේ සංචාරයකට  පැමිණි අවස්ථාවේ ඉන්ධන සැපයුම් පිළිබඳ සාකච්ඡා  කළා .කෙසේ වෙතත්, අවසන් ගිවිසුමකට එළඹීම ට කාලය  තවත් ගතවනු ඇති. මොස්කව්හි සාකච්ඡා තවමත් සිදු වෙමින් පවතිනවා.

රුසියානු තෙල් සඳහා  අමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති  සම්බාධකය  තාවකාලික ඉවත් කිරීමක්. තාවකාලික එක් වරක් ගනුදෙනු කෙරෙහි රුසියාව උනන්දුවක්  නැහැ.”රුසියාවේ සම්පත් ද අසීමිත නොවන බැවින් අපි දිගුකාලීන ගිවිසුමක් දෙස බලමු “.

රුසියානු බලශක්තිය මිලදී ගැනීමේදී සමහර රටවල් පැකිලීමෙන් කටයුතු  කරනවා.  අමෙරිකාව  එක්සත් ජනපදයෙන් සහ යුරෝපීය සංගමයෙන් ද්විතීයික සම්බාධක පැන වීම ගැන  ඇති බිය බොහෝ දෙනෙකු ඈත් කැර  නැහැ.බාධක ඉදිරියේ රුසියාව බලශක්ති සම්පත් සැපයීමට සූදානම්. ඉරානය,  අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ මැද පෙරදිග ගැටුම් ගෝලීය බල තුලනයේ වෙනසක් වේගවත් කර තිබෙනවා. බහු-ධ්‍රැවීය ලෝක පිළිවෙළක් මතුවෙමින් පවතිනවා. නමුත් එහි අවසාන හැඩය අවිනිශ්චිතව පවතිනවා.

ගෝලීය දකුණ නැගී එන ලෝක පිළිවෙළ තුළ වැඩි බලපෑමක් තිබිය යුතුයි. ගෝලීය සුළුතරය විසින් එය හැඩගස්වනු ලැබීමට එරෙහිව අනතුරු අඟවනවා. ඉදිරි වසරවලදී BRICS වැනි කණ්ඩායම්වල වර්ධනය වන බලපෑමක් ඇති කරනු ඇතැයි විශ්වාසය කරනවා.

Follow by Email
LinkedIn
Share
WhatsApp