Impartial news reporting for a stronger democratic society
කොත්මලේ ජලාශය හිදෙයි ! ධාරිතාවය 21.8 % ක් දක්වා පහතට

කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින වියලි කාලගුණය තත්ත්වය හේතුවෙන්  එම ජලාශයේ ජල මට්ටම 21.8%ක් ඉතිරි වී ඇති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.

ඊයේ (30)  උදෑසන 6.00 වන විට එම ජලාශයේ ජල මට්ටම 21.8%ක් ඉතිරි වී ඇති බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසයි.

සමස්ත ජලාශයේම ජල මට්ටම ඝණ මීටර් මිලියන 37.276ක් බවත්, ජලාශයේ පවතින ජලය විදුලි උත්පාදනය සදහා නිකුත් කරනු ලබන්නේ ජල පාලක ලේකම් කාර්යාලයෙන් බව එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, එම ජලාශයට ඉහළින් වූ ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටමද පවතින වියලි කාලගුණයත් සමඟ  පහත බැස ඇති බව එම නිලධාරියා වැඩි දුරටත්  කියයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp