Impartial news reporting for a stronger democratic society
චීන – අමෙරිකා  නායකයෝ මැයි මස හමු වෙති

යුද ගැටුම් මධ්‍යයේ කල්ගිය අමෙරිකා – චීන නායකයන් අතර හමුව මැයි 14  සහ 15 දිනයන්වල සිදු කිරිමට නිහමිත බව අනාවරණය වෙයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ නිල සංචාරය ඇරඹිමට සුදානම්ව  සිටියේ මාර්තු 31 වැනිදා වන අතර , අමෙරිකාව හා ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරත් සමඟ ඇති වු මැදපෙරදිග යුද ගැටුම් හමුවේ එය මග හැරී ගියේය.

කෙසේ වෙතත් ලබන මැයි 14 සහ 15 යන දිනවල තමන් චින ජනාධිපති ෂි ජින් පින්ග් හමුවන බව ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් කියා  ඇත.

මෙය වසර 10කට ආසන්න කාලයක් තුළ අමෙරිකා ජනාධිපතිවරයකු චීනයේ සිදුකරන පළමු සංචාරය මෙය වෙයි.

ඒසේම මේ වසර අගදී චීන ජනාධිපතිවරයා ද අමෙරිකාවේ සංචාරයකට සූදානම්ව සිටි.

Follow by Email
LinkedIn
Share
WhatsApp