
දකුණු කොළොම්බියාවේදී හමුදා ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 66 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බව අනාවරණය වෙයි.
තවත් සිව්දෙනකු අතුරුදන් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ආයුධ සන්නද්ධ හමුදා සෙබළුන් 112 දෙනකු සහ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 13 දෙනකු රැගත් එම ගුවන්යානය කඩා වැටී ඇත්තේ ඉක්වදෝරය සහ පේරු රාජ්‍ය අතර දේශසීමාව ආසන්නයේ පිහිටි පුවර්ටෝ ලෙගුයිසමෝ නුවර සිට ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් බව ද සඳහාන් වේ.
සෙබළුන් සතුව තිබූ පතරොම් විශාල ප්‍රමාණයක් පිපිරීමට ලක්වීමෙන් යානය ගිනිගෙන විනාශ වී ඇති අතර, තුවාල ලැබූ සෙසු පිරිස මුදා ගැනීමට සහ රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ පියවර ගත් බව ද වාර්තා වේ. කොලොම්බියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කැර ඇත්තේ තාක්ෂණික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බවය.
