Impartial news reporting for a stronger democratic society
ආර­ක්ෂක ප්‍රධානීන් ඝාතනයට එරෙහිව ඉරානයෙන් පළිගැනීමක් ! ඊශ්‍රා­ය­ලයේ ටෙල්අවීව් නග­ර­යට මිසයිල වැස්සක්  – ඊශ්‍රා­ය­ලයේ මරණ ගණන ඉහ­ළට – තුවා­ල­ක­රුවෝ 3,727ක් – දුම්රිය සේව­යත් නවතී

ආර­ක්ෂක ප්‍රධානී අලි ලරි­ජානි සහ ඉහළ හමුදා නිල­ධා­රි­යකු ඝාත­නය කිරී­මට පළි­ගැ­නී­මක් ලෙස ඉරාන හමු­දා­වෙන් ඊශ්‍රා­ය­ලයේ ටෙල්අවීව් නග­ර­යට  දැවැන්ත මිස­යිල ප්‍රහා­ර­යක් එල්ල  කැර ඇත.

එම ප්‍රහා­රය පෙරේදා(17) රාත්‍රියේ සිට අඛ­ණ්ඩව එල්ල වූ බවත්, පොකුරු මිස­යිල ප්‍රහාර දෙකක් ද එල්ල කැර ඇති බව අනාවරණය වෙයි.

නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඉරාන ආර­ක්ෂක හමු­දාව ප්‍රකාශ කැර ඇත්තේ, ටෙල් අවීව් නග­ර­යට පහර දීමට කොරො­ම්ෂාර් සහ කඩාර් වර්ගයේ මිස­යිල ද භාවිත කළ බවයි. ඉරාන මිස­යිල ප්‍රහා­ර­ව­ලින් ටෙල් අවීව් නග­රයේ ජනා­කීර්ණ ස්ථාන රැස­කට හානි සිදුවී ඇති අතර, පුද්ග­ල­යන් දෙදෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව ඊශ්‍රා­යල බල­ධා­රින් ප්‍රකාශ කැර තිබේ. ඒ අනුව ඉරාන ප්‍රහා­ර­ව­ලින් ඊශ්‍රා­ය­ලයේ මිය­ගිය පුද්ග­ල­යන්ගේ සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගිය බව ද වාර්තා වේ.

ගුව­නේදී කුඩා වර්ගයේ බෝම්බ විසි­රුවා හරින පොකුරු මිස­යිල දෙකක් ද ඉරා­න­යෙන් එල්ල කැර ඇති අතර, ටෙල්අවීව් නග­රයේ හමුදා යටි­තල පහ­සු­කම් ඇතුළු ගොඩ­නැ­ඟිලි රැසක් විනාශ වී ඇතැයි ද සඳහාන් වේ. මධ්‍යම ඊශ්‍රා­ය­ලයේ පෙටා ටික්වා සහ හරීඩ් නග­ර­ව­ලට ද මිස­යිල ප්‍රහාර එල්ල වී ඇති අතර, ටෙල් අවීව් නුවර සැවි­ඩෝර් ප්‍රදේ­ශයේ දුම්රිය ස්ථාන­ය­කට හානි සිදු­වී­මෙන් රට පුරා දුම්රිය ගමන් තාව­කා­ලි­කව අත්හි­ටු­වී­මට පිය­වර ගත් බව ඊශ්‍රා­යල දුම්රිය සේවය නිවේ­ද­නය කැර ඇත ඊයේ උදෑ­ස­නින් අව­සන් වූ පැය 24 ඇතු­ළත ඉරාන සහ හෙස්බුල්ලා ප්‍රහා­ර­ව­ලින් පුද්ග­ල­යන් 192 දෙනකු තුවාල ලැබූ බව ඊශ්‍රා­ය­ලයේ සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය සඳ­හන් කැර ඇති අතර, යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊයේ දක්වා තුවාල ලැබූ පිරිස 3,727 දක්වා ඉහළ ගිය බව ද සඳ­හන්ය.

Follow by Email
LinkedIn
Share
WhatsApp