Impartial news reporting for a stronger democratic society
තෙල් අර්බු­ද­යෙන් ගොඩඑන්න ආසි­යා­වේ රට­වල් රැසක් ඉන්දි­යා­වේ පිහිට පතයි

 ගල්ෆ් කලාපයේ  මතුව ඇති යුද ගැටුම් හේතු­වෙන් උද්ගත වී ඇති තෙල් අර්බු­ද­යට මුහුණ පා සිටින ආසි­යා­තික රට­වල් රැසක් ඉන්දි­යා­වෙන් අම­තර ඉන්ධන තොග ඉල්ලා ඇතැයි එරට විදේශ අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක රන්ධීර් ජයි­ස්වාල් මාධ්‍ය හමු­ව­කදී ප්‍රකාශ කළ බව එරට මාධ්‍ය සඳහාන් කරයි.

 ශ්‍රී ලංකාව, බංග්ලා­දේ­ශය, මාල­දි­ව­යින ඇතුළු රට­වල් රැසක් මේ ඉල්ලීම කැර ඇති බවත්, ඉන්දීය රජය එම ඉල්ලීම් සමා­ලෝ­ච­නය කර­මින් සිටින බවත් ඔහු සඳ­හන් කැර තිබේ.

 ඉන්දි­යාවේ බල­ශක්ති අව­ශ්‍යතා සහ බොර­තෙල් ආන­ය­නය කිරීමේ හැකි­යාව සැල­කි­ල්ලට ගනි­මින් අස­ල්වාසී රට­වල ඉල්ලීම් කෙරෙහි අව­ධා­නය යොමු කැර ඇතැයි ඉන්දීය විදේශ අමා­ත්‍යාං­ශයේ ප්‍රකා­ශක සඳ­හන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වැඩි­දු­ර­ටත්  පෙන්වා දෙයි.

‍තෙල් අර්බු­දය දිග­ටම පැවැ­තී­මෙන් උග්‍ර ඉන්ධන හිඟ­ය­කට මුහුණ දීමට සිදු­වන බැවින් ඉන්දි­යාව සමඟ ඇති­ක­ර­ගත් වාර්ෂික ඩීසල් ගිවි­සු­මට අනුව ලබා ගැනී­මට නිය­මිත ටොන් එක්ලක්ෂ අසූ­ද­හ­සක ඩීසල් තොග­යට අම­ත­රව තවත් ඩීසල් තොග­යක් එරට රජය දැන­ට­මත් ඉන්දි­යා­වෙන් ඉල්ලා ඇතැයි ද  වාර්තා වෙයි.

ඉන්දි­යාවේ විශා­ල­තම තෙල් පිරි­ප­හ­දු­ක­රු­වන් වන ඉන්දි­යානු තෙල් සංස්ථා­වෙන් මාසි­කව ආන­ය­නය කරන ද්‍රව පෙට්‍රෝ­ලි­යම් ගෑස් (LPG) ටොන් 48,000ක සැප­යු­මට අම­ත­රව තවත් ටොන් 3,000ක් ලබා­දෙන ලෙස ඉන්දි­යා­වෙන් ඉල්ලී­මක් කළ බව නේපාල තෙල් සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මනෝජ් කුමාර් ප්‍රකාශ කැර තිබේ. වාර්ෂික බොර­තෙල් අව­ශ්‍ය­තා­ව­යෙන් 90%ක ප්‍රමා­ණ­යක්ම ආන­ය­නය කරන ඉන්දි­යාව ඉන්ධන හිඟය සඳහා විකල්ප මාර්ග සොය­මින් සිටින බවත්, ඉන්ධන නෞකා 20කට වැඩි ප්‍රමා­ණ­යක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආර­ක්ෂි­තව ගෙන්වා ගැනී­මට ඉන්දීය බල­ධා­රින් ඉරා­නය සමඟ සාකච්ඡා කර­මින් සිටින බව ද  සඳහාන් වේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp