Impartial news reporting for a stronger democratic society
යුද්ධය අවසන් කිරීමට නම් අමෙරිකාව සහ ඊශ්‍රායලය කොන්දේසි 3ක් සම්පුර්ණ කළ යුතුයි – ඉරාන ජනාධිපති මසූඩ් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට නම්  කොන්දේසි තුනක්  ඉටුවිය යුතු බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පසුගිය බදාදා (11)  ප්‍රකාශ කැර ඇත.

 ජනාධිපතිවරයා  සිය X ගිණුමේ සටහනක් මෙසේ ලියා ඇත. “රුසියාවේ සහ පකිස්ථානයේ නායකයන් සමඟ කතා කරමින්, කලාපයේ සාමය සඳහා ඉරානයේ කැපවීම මම නැවත තහවුරු කළෙමි. සියොන්වාදී පාලනය සහ එක්සත් ජනපදය විසින් අවුලුවන ලද මෙම යුද්ධය අවසන් කිරීමට ඇති එකම මාර්ගය ඉරානයේ නීත්‍යානුකූල අයිතිවාසිකම් පිළිගැනීම, වන්දි ගෙවීම සහ අනාගත ආක්‍රමණවලට එරෙහිව ස්ථිර ජාත්‍යන්තර සහතික්  ඇති කිරීම් යි.”

කෙසේ වෙතත්, පෙබරවාරි 28 වැනි දින යුද්ධය ආරම්භ වූ දා සිට අමෙරිකා එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා සිවිල් ස්ථාන 10,000 කට ආසන්න සංඛ්‍යාවකට බෝම්බ හෙළා ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන් 1,300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවත් ටෙහෙරාන් පැවසීය.

මීට පෙර, පෙන්ටගනය පැවසුවේ, අමෙරිකා එක්සත් ජනපද සේවා සාමාජිකයින් 140 ක් පමණ තුවාල ලබා ඇති අතර, ඔපරේෂන් එපික් ෆියුරි දියත් කළ දා සිට හත් දෙනෙකු මිය ගොස් ඇති බවයි. කුවේට් හි “සෞඛ්‍යයට සම්බන්ධ සිදුවීමකින්” අටවැන්නෙකු මිය ගිය බවයි.

Follow by Email
LinkedIn
Share
WhatsApp