Impartial news reporting for a stronger democratic society
බට­හිර ඉවුරේ ඊශ්‍රා­යල ජාති­ක­යෝ මුස්ලිම් දේව­ස්ථා­න­යක් ගිනි තබා විනාශ කරති

ගාසා තීරයේ බට­හිර ඉවුරේ පදිංචි ඊශ්‍රා­යල ජාති­ක­යන් මුස්ලිම් දේව­ස්ථා­න­යක් ගිනි තබා විනාශ කැර ඇතැයි අල් ජසීරා පුවත් සේවය  සහ සයිබර් වර්ල්ඩ් ප්‍රෙස්   සඳහාන් කරයි.

රම­ලාන් උප­වාස සමයේ පල­ස්තී­නු­වන් වැඩි වශ­යෙන් සිය දේව­මෙ­හෙය සඳහා සහ­භාගි වන එම දේව­ස්ථා­නය බට­හිර ඉවුරේ උතුරු ප්‍රදේ­ශයේ පිහිටා ඇති අතර, අලු­යම දේව මෙහෙය සඳහා මුස්ලිම් බැති­ම­තුන් පැමි­ණෙන විට දේව­ස්ථා­නය විනාශ වී තිබූ බව ද වාර්තා වේ. දේව­ස්ථාන බිත්ති මත මුහ­ම්මද් නබි­තු­මාට අප­හාස වන ආකා­රයේ සහ පළි­ගන්නා බවට හීබෘ බසින් ප්‍රකාශ සට­හන් වී තිබූ බව ද  අනාවරණය වෙයි.

බට­හිර ඉවුරේ පල­ස්තී­නු­වන් ඉලක්ක කර­මින් ඊශ්‍රා­යල පදිං­චි­ක­රු­වන් දිගින් දිග­ටම ප්‍රහාර එල්ල කරන බවත්, 2023 ඔක්තෝ­බ­රයේ ඊශ්‍රා­යල – හමාස් යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු මේ දක්වා බට­හිර ඉවුරේ සිදු වූ ප්‍රහා­ර­ව­ලින් පල­ස්තී­නු­වන් දහ­ස­කට වැඩි පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තා­ව­කින් අනා­ව­ර­ණය වූ බවත් අල් ජසීරා පුවත් සේවය සහ සයිබර් වර්ල්ඩ් ප්‍රෙස් සඳ­හන් කැර තිබේ.

Follow by Email
LinkedIn
Share
WhatsApp