Impartial news reporting for a stronger democratic society
මහාචාර්ය මෛත්‍රී FCID එන්න බැහැ කියයි! FCID ඇගේ ගෙදරට එන්න සූදානම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (20) තමාට පැමිණීමට නොහැකි  බව දන්වා  මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ  මහත්ම්ය දැනුම් දී මක් සිදු කැර ඇති බව  අනාවරණය වෙයි.
ඒ අනුව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෛත්‍රී වික්‍රමසිංහ මහත්ම්යගේ නිවෙසට පැමිණීමට නියමිත බව සඳහාන්ය.
ඇයට අද දින මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට දැනුම්දී ඇති බව පසුගිය 18වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීමක් සිදු කරනු ලැබීය.
එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කෙළේ, 2023 වසරේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 166කට අධික මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ බිරිය වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්ම්යට පෙබරවාරි 20 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස කොල්ලුපිටිය පොලිසිය මාර්ගයෙන් දැනුම් දීමට පියවර ගෙන ඇත.

Follow by Email
LinkedIn
Share
WhatsApp